Home Local News Room : තිලිණි ප්‍රියමාලිට සුපිරි ඉන්දීය නළු අමිතාබ් බච්චන්ගේ නමත් ගෑවෙයි!

News Room : තිලිණි ප්‍රියමාලිට සුපිරි ඉන්දීය නළු අමිතාබ් බච්චන්ගේ නමත් ගෑවෙයි!

0
0

ඉන්දීය ජනප්‍රිය නළු අමිතාබ් බච්චන් මෙරටට ගෙන්වා දැවැන්ත ප්‍රසංගයක් පැවැත්වීමට තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිලිණි ප්‍රියමාලි සැලසුම් කර තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.

ප්‍රකෝටිපති ව්‍යාපාරිකයින්, දේශපාලනඥයින්, නළු නිළියන්, භික්ෂූන් වහන්සේලා රවටා ලබාගත් රුපියල් කෝටි ගණනක් වැය කරමින් එම ප්‍රසංගය කොළඹ දී පැවැත්වීමට සැලසුම් කරමින් සිටින අතරතුරදී තිලිණි ප්‍රියමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේය.

ජනප්‍රිය නළු අමිතාබ් බච්චන් ඇතුළු ජනප්‍රිය නළු නිළියන් පිරිවරා ගනිමින් පැවැත්වීමට නියමිතව තිබූ එම ප්‍රසංගය නැරඹීම සඳහා දේශපාලනඥයින් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයින් රැසකට ආරාධනා කිරීමට ද සැලසුම් කර තිබූ බව අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here