Home Local News Room : ඩුබායි ගිහින් එද්දී ලක්ෂ 18ක් වටිනා ඔරලෝසු නීති විරෝධීව අරන්...

News Room : ඩුබායි ගිහින් එද්දී ලක්ෂ 18ක් වටිනා ඔරලෝසු නීති විරෝධීව අරන් ඇවිත්! ෂාරුක්ට මුම්බායි එයාර්පෝට් එකේදි අලි බාල්දියක් පෙරළෙයි!

0
0

ඉන්දීය රුපියල් ලක්ෂ 18ක් වටිනා ඔරලෝසු කිහිපයක් නීති විරෝධීව රැගෙන ඒම සම්බන්ධයෙන් සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්, මුම්බායි ගුවන් තොටුපොළේ රඳවා ගෙන තිබේ.

ඩුබායි රාජ්‍යයේ සාජා නුවර පැවති උත්සවයකට සහභාගී වූ ඔහු, පෞද්ගලික ජෙට් යානයකින්  මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ඔහුගේ ගමන් මලු තුළ තිබී මිල අධික ඔරලෝසු කිහිපයක් හමුවීමත් සමග ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් ඔහුව රඳවාගෙන තිබෙන අතර  ඉන්දීය රුපියල් හය ලක්ෂ අසූ තුන්දහසක දඩයක් අයකර ගැනීමෙන් පසුව ඔහුව මුදා හැර තිබේ.

ආරක්ෂක නිලධාරියා ඇතුළුව ෂාරුක් ඛාන් සමග පැමිණි තවත් කිහිපදෙනෙකු පැය ගණනාවක් ගුවන් තොටුපොළේ රඳවා ගෙන ප්‍රශ්න කර ඇතැයි  ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

එහිදී සිනමාව සහ සංස්කෘතිය වෙනුවෙන් කළ මෙහෙවර අගයමින් ඔහුට ගෞරව සම්මානයක්  ද  පිරිනැමුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here