මේ වන විට සමස්ත පවුල් වලින් 70%ක් සහන අපේක්ෂා කරණ බව මුදල් රාජය ඇමති රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කර ඇත.
ගෝටාබය රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ පවුල ගෙනගිය අත්තනෝමතික ක්‍රියාමාර්ග වල ආසන්න ප්‍රතිපලක් ලෙස ජනතාව මේ මට්ටමට ඇදවැටින. මුදල් රාජ්‍ය ඇමති හෙළිකරන ආකාරයට රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් 70%ක් සහන අපේක්ෂා කරන්නේ නම් ඔවුන් දැඩි දරිද්‍රතාවයකට ඇදවැටී සිටන බව ආන්ඩුව නිලවශයෙන් පිළිගෙන තිබේ.
මේ වන විට රටේ මුළු ජනගහණය 2 21 56 000 ක් ඉක්මවා ඇත, එක් පවුලක සාමාන්‍ය සාමාජිකත්වය 3.7ක් බව නිල සංඛා ලේකනවල දැක්වේ.මේ අනුව රටේ සමස්ත පවුල් සංඛ්‍යාව ලක්ෂ 60කට ආසන්න වී තිබෙන අතර එයින් පවුල් ලක්ෂ 42ක් සහන අපේක්ෂා කරණ බව රාජ්‍ය ඇමති හෙළිකර තිබෙන දත්ත අනුව සනාත වේ.