පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ මන්දපෝෂණය මේ වන විට ඉහළ යමින් ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඩබ්ලිව් කේ ඩබ්ලිව් සරත්චන්ද්‍ර කුමාරවංශ මහතා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය කළේය.
මේ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 2019 – 2021 වර්ෂ වලදී මෙම තත්වය අඩුව පැවති බවත් ඉන් පසුව මෙහි වර්ධනයක් දක්නට ලැබෙන බව ඔහු වැඩිදුරටත් කීය.
මේ අනුව එම තත්ත්වය සියයට 15 – 20 දක්වා ඉහළ ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩබ්ලිව් කේ ඩබ්ලිව් සරත්චන්ද්‍ර කුමාරවංශ මහතා මෙහිදී වැඩිදුරටත් අනාවරණය කළේය.
කෙසේවෙතත් පසුගිය දිනෙක හම්බන්තොට ළමා මන්දපෝෂණය ඉහළ ගොස් ඇති බවට තොරතුරු අනාවරණය කළ වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩ තහනම් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබිණ.






