Home Local News Room : සාගල ග්‍රෑන්ඩ්පාස් ඉස්කෝලෙකට ගිහින් ළමයින්ට කෑම බෙදයි! ජනාධිපති ගැනත්...

News Room : සාගල ග්‍රෑන්ඩ්පාස් ඉස්කෝලෙකට ගිහින් ළමයින්ට කෑම බෙදයි! ජනාධිපති ගැනත් කතා කරයි! (PHOTOS)

0
0

ආර්ථික අර්බුදය ඇතුළු රටේ මතුව ඇති ගැටලුවලට විසඳුම් සෙවීමේ දී ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කෙරෙහි ජනතාව විශාල බලාපොරොත්තුවක් තබා ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි ශාන්ත ජෝෂප් විද්‍යාලයේ පසුගියදා පැවති විශේෂ පෝෂණ වැඩසටහනකට එක් වෙමිනි.

රටේ ඇතිවූ ආර්ථික අර්බුදයත් සමග පීඩිත පංතිය වැඩිවීමට පටන්ගත් නිසා දරුවන්‍ගේ පෝෂණ තත්ත්වය ආරක්ෂා කිරීමට රජය මෙවන් වැඩසටහන් පිළිබඳ විශේෂ අවධානය යොමු කර තිබෙන බව සාගල රත්නායක මහතා පැවසීය.

ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් පසුගියදා ආරම්භ කළ ආහාර සුරක්ෂිතා සහ පෝෂණය සහතික කිරීමේ වැඩසටහන මෙහිදී මහගු ශක්තියක් බව පෙන්වා දුන් ඒ මහතා පෞද්ගලික මට්ටමින් මෙවන් පෝෂණ වැඩසටහන් සංවිධානය කිරීම ද ඇගයීමට ලක් කළේය.

ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ අනුව මේ රට ඉදිරියේ දී දියුණු රටක් බවට පත්කළ හැකි බවත්, ඒ සඳහා යම් කාල සීමාවක් අවශ්‍ය බවත් සාගල රත්නායක මහතා පැවසීය.

නිසි දැක්මක් ඔස්සේ රට සංවර්ධනය කරා ගෙන යාමට නම් වෙනස් නොවන ප්‍රතිපත්ති රාමුවක් සකස් කරගත යුතු බවත් අවශ්‍යතාවය අනුව එය නීතිගත කර ඉදිරියට ගෙනයාමට ජනාධිපතිවරයා කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

කොළඹ නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් ඉක්බාල්, නාගරික මන්ත්‍රීවරුන් වන එම්. සරෆ්ඩීන්, කලීල් රහුමාන්, ඒ.ආර්.එම්. සෆාන් යන මහත්වරු සහ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ විදුහල්පති ප්‍රසාද් සමරතුංග ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here