Home Local News Room : රනිල් එක්ක ඊජිප්තු ගිය මාලදිවයිනේ කතානායක නෂීඩ්ට අහක යන...

News Room : රනිල් එක්ක ඊජිප්තු ගිය මාලදිවයිනේ කතානායක නෂීඩ්ට අහක යන නඩුවක් දාගනී!

0
0

කථානායක මොහොමඩ් නෂීඩ් පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන ලෙස ඉල්ලා මාලදිවයනේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇත.

ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග නෂීඩ් ඊජිප්තුවේ පැවැත්වුණු COP27 සමුළුවට සහභාගී වීම ඒ සදහා හේතු වී තිබේ.

නීතීඥ අහමඩ් තොලිබ් විසින් ගොනු කරන ලද පෙස්සමේ සඳහන් වූයේ COP-27 සමුළුවේදී කථානායකවරයා ශ්‍රී ලංකාව නියෝජනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වගකීම් සහ යුතුකම්වලට පටහැනි බවයි. ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වැනි වගන්තිය උපුටා දක්වමින් සාමාජිකයන්ගේ කාර්යයේදී සැලකිල්ලට ගත යුතු කරුණු දක්වා ඇත.

එම ලිපියට අනුව මන්ත්‍රීවරුන් ක්‍රියා කළ යුත්තේ ජාතික අවශ්‍යතා සහ ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් ය. කිසිදු සාමාජිකයෙකු තමාගේ හෝ තමා සමඟ විශේෂ සබඳතාවක් ඇති වෙනත් පුද්ගලයෙකුගේ පෞද්ගලික අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීම සඳහා තම තනතුර භාවිතා නොකළ යුතු බව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කරන ඕනෑම දෙයක් ශුන්‍ය සහ බලරහිත ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ දක්වා ඇති බව සඳහන් විය.

මෙම නඩුව විභාග කරන්නේද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය තවමත් තීරණය කර නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here