මාතර අධිකරණ බල සීමාව තුල සුපෝෂ,ලක්පෝෂ හා නැණපෝෂ යන අතිරේක ධාන්‍ය ආහාරමය නිෂ්පාදනවල ඇල්ෆටොක්සීන් නියමිත ප්‍රමාණයට වඩා අඩංගු වීම හේතුවෙන් විකිණීම හා බෙදා හැරීම තහනම් කරමින් මාතර අතිරේක මහේස්ත්‍රාත් පෙරේදා (09)තහනම් නියෝගයක් නිකුත් කළේය.
සුපෝෂ නිෂ්පාදනය කරන පෞද්ගලික සමාගම්වලට එරෙහිව එම තහනම් නියෝගය නිකුත් කරමින් අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 98(1)ආ වගන්තිය හා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 104 වගන්තිය ප්‍රකාරව අදාල නිෂ්පාදනය මාතර අධිකරණ බල සීමාව තුල විකිනීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ද දැනට වෙලදපොලේ පවතින එම නිෂ්පාදනවල තොග වහාම ඉවත් කිරීමට ද නියෝග කළේය.
තවද එම නිෂ්පාදන වෙළදසල්වලට නිකුත් කිරීම තහනම් කරමින් ඉන්ජන්ෂන් ආඥාවක් ද නිකුත් කරන ලදි.