Home Local News Room : බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවත් ලංකාවේ අර්බුදයට හේතු හොයයි – Lanka Truth...

News Room : බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවත් ලංකාවේ අර්බුදයට හේතු හොයයි – Lanka Truth | සිංහල

0
0

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පසුපෙළ ව්‍යාපාරික කමිටුව විසින් පසුගිය බදාදා (09) ශ්‍රී ලංකාව පිළිබඳව විවාදයක් ඉල්ලා සිටි අතර එහිදී, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ ආර්ථික තත්ත්වය පිළිබඳව සහ සාකච්ඡා කරණ ලදි.

මේ සම්බන්ධයෙන් පැවති විවාදයේ දී අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු උප ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ලියෝ ඩොවර්ට් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට හේතුව වන්නේ භයානක හා දිගුකාලීන වැරදි කළමනාකරණය බවයි. ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ රුසියානු – යුක්‍රේන ආක්‍රමණයද මෙයට බලපා ඇති බවයි.

මේ සඳහා ශ්‍රී ලංකාවට දීර්ඝ කාලීන ආර්ථික ප්‍රකෘතිය සහ වර්ධනය සඳහා ස්ථාවර දේශපාලන විසඳුමක් අත්‍යවශ්‍ය බව බ්‍රිතාන්‍ය රජය විශ්වාස කරන බව පාර්ලිමේන්තු උප ලේකම්වරයා අවධාරණය කර සිටියේය.

එමෙන්ම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පළ කිරීමේ දී ඒ සඳහා කොන්දේසි පැනවීමට ඇතැම් මන්ත්‍රීවරුන් යෝජනා කළ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු උප ලේකම් ඩොවර්ටි කියා සිටියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එහි පාලන ව්‍යුහය තුළ, හැකියාව ඇත්තේ ආර්ථික ප්‍රතිපත්තියට සම්බන්ධ කොන්දේසි පැනවීමේ හැකියාව මිස දේශපාලන හෝ මානව හිමිකම් සම්බන්ධ කොන්දේසි නොවන බවත් නමුත් ඇත්ත වශයෙන්ම අපට අවශ්‍ය වන්නේ මානව හිමිකම් ප්‍රගතිය ආර්ථික ප්‍රගතියට සමගාමීව ඉදිරියට යාමට බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් වගවීම සහ මානව හිමිකම් ප්‍රගතියට පත් කිරීම සඳහා අපි වෙනත් යාන්ත්‍රණ භාවිත කළ යුතු බව සඳහන් කල අතර තව ද මානව හිමිකම් සහ වගවීම සම්බන්ධයෙන් ප්‍රගතියක් අත්කර ගන්නා ලෙස බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාවෙන් දිගටම ඉල්ලා සිටින බවද වැඩිදුරටත් සඳහන් කරණලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here