Home Local News Room : දුන්නේ මාස හයෙන් ඉවර කරන්න! මාස 15ක් ගිහිල්ලත් කරලා නෑ!...

News Room : දුන්නේ මාස හයෙන් ඉවර කරන්න! මාස 15ක් ගිහිල්ලත් කරලා නෑ! අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තාම හමස් පෙට්ටියේ! ඒ වුණාට අවුරුදු 2කට කෝටි තුනත් කාලා!

9
0

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරිම වෙනුවෙන් 2020 සහ 2021 වසර දෙකේදි රුපියල් කෝටි තුනකට අධික මුදලක් වැය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ.

මාස හයෙන් අවසන් කල යුතුව තිබු එහි කාර්ය භාරය මාස පහළොවකින් වත් අවසන් කර නැති බවද එම වාර්තාවේ සඳහන් වේ.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිිරීම සඳහා 2020 ඔක්තෝබරයේදි පළමු කමිටුව රැස්ව ඇති අතර කමිටු වාර 38ක් සඳහා හා බාහිර පාර්ශ්වයන් සමග පැවති සාකච්චා නවයක් වෙනුවෙන් රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වැය කර ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

මෙම වියදම් තුළ කිසිදු ප‍්‍රයෝජනයකට නොගත් කාර්යාල කාමර තුනක් සඳහා කුලිය ගෙවීමටත් කාර්යාල උපකරණ සඳහාත් රුපියල් ලක්ෂ 12.5ක් වැය කර ඇති අතර එම කාර්යාල පසුව ආපසු භාරදී ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.

ව්‍යවස්ථා කෙටුම්පත් කමිටුවේ විශේෂඥයන් සඳහා කමිටු සහභාගීත්වය රුපියල් ලක්ෂ 31ක්ද, කමිටු රැස්වීම්වලට පැමිණමට ගමන් වියදම් ලෙස එක් ලක්ෂ විසිදහසක්ද, කමිටු ලේකම්ගේ මාසික දිමනා ලෙස අදාල කාලය සඳහා ලක්ෂ 12ක්ද සම්බන්ධීකරණ මාසික දීමනාව වෙනුවෙන් ලක්ෂ 6 ක්ද, පර්යෙය්ෂණ සහකාර දීමනා ලෙස ලක්ස 25.6 ක්ද, වශයෙන් කෝටියකට අධික මුදලක් එනම් රුපියල් 1,01,80,000ක් 2021 දෙසැම්බර් 31 වන විට ගෙවා ඇති බවද එම ගෙවීම් කර තිබෙන්නේ භාණ්ඩාගාර අනුමැතියකින් තොරව බවද එම වාර්තාවේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here