Home Local News Room : තිලිණිගෙනුයි ජානකීගෙනුයි කෝටි 6ක් 7ක් ගරා ගත් ‘ක්‍රිෂාන්ත’ හෙළිවෙයි!...

News Room : තිලිණිගෙනුයි ජානකීගෙනුයි කෝටි 6ක් 7ක් ගරා ගත් ‘ක්‍රිෂාන්ත’ හෙළිවෙයි! ඒ වෙන කවුරුවත් නෙමෙයි ගාල්ලේ කපුවා ‘රත්තරන්’ ක්‍රිෂාන්තලු! CID එක ප්‍රශ්න කරන්න සූදානම් වෙයි!

3
0

කෝටි ගණනක මූල්‍ය වංචා හේතුවෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත ව සිටින තිලිනි ප්‍රියමාලි සහ කොළඹ කොටුව රිට්ස් කාල්ටන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනි ජානකි සිරිවර්ධන අතර සිදුවූ බව කියන දුරකථන සංවාදවල නම සඳහන් වන මෙම ගනුදෙනුවලට සම්බන්ධ ක්‍රිෂාන්ත නැමත්තා ගාල්ලේ හිටපු දේශපාලකයකු සහ ප්‍රසිද්ධ කපුවෙක් වන ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරං නැමත්තා බවට හඳුනාගෙන ඇති අතර ඔහුගෙන්ද ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජානකි සිරිවර්ධනගේ දරුවාට පවතින අපල උපද්‍රව නැති කිරීමට බව පවසමින් ඔහු රුපියල් කොටි 6කට අසන්න මුදලක් ලබාගෙන ඇති බව දැනට සිදු කළ විමර්ශනවලදී හෙළි ව අති අතර එහිදී ඔහු බලගතු ශාන්ති කර්මයක් සිදුකරන බව පවසා රුපියල් කෝටි තුනහමාරක මුදලක් ලබාගෙන ඇති බවද අනාවරණය වී ඇත.

මේ වනවිට එළියට පැමිණ ඇති ජානකි සිරිවර්ධන සහ තිලිණි ප්‍රියමාලි අතර ඇතිවූ දුරකථන සංවාදයක හඬ පටයකින්ද මෙම ප්‍රශ්නයේ මුල ක්‍රිෂාන්ත නැමත්තකු බවට සඳහන් වී ඇත අතර ඔහු කෝටි ගණනක ලබා ගත් බවත් ඔහු කළ කිසිදු දෙයකින් සාර්ථකත්වයක් අත් නොවන අතර විනාශයක්ම සිදුව ඇති බව ඔවුන් අතර අති වූ කතාබහෙදී අනාවරණය වෙයි.

කලක් එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ ව දකුණු පළාත් සභා මන්ත්‍රිවරයකු ලෙසද කටයුතු කළ ඔහු ඊට පසුව මහින්ද රාජපක්ෂට සහය පළ කිරීම සඳහා පොදු ජන පෙරමුණ සමඟ එක්ව දේශපාලන ක්‍රියාකරකම්වල නිරත වියග මෙම කපුවා ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here