Home Local News Room : ජනපති මන්දිරයෙන් හමුවූ එක්කෝටි හැත්තෑ අට ලක්ෂය ගැන ගෝඨාගෙන්...

News Room : ජනපති මන්දිරයෙන් හමුවූ එක්කෝටි හැත්තෑ අට ලක්ෂය ගැන ගෝඨාගෙන් ප්‍රකාශයක් ගන්න ලෑස්ති වෙයි!

0
0

අරගලය පැවැති දිනයේදී ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද  (11) කොටුව පොලීසියට නියෝග කළේය.

මෙම මුදල හිටපු ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල කාමරයේ තිබී හමු වූ අතර, එය අල්ලසක් ලෙස හෝ වෙනත් කාරණයක් සදහා ලැබී තිබුණේද යන්න සම්බන්ධයෙන් විමර්ශනය සිදු කිරීම සදහා හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙසට කොටුව පොලීසියට නියෝගක් නිකුත් කරන්නැයි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here