හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුදාවලිය ලත් අග්‍රගණ්‍ය කලා ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ ජන්ම දිනය අදට යෙදී තිබේ.
දශක ගණනාවක් ලාංකේය ගීත ක්ෂේත්‍රයට අනූපමේය මෙහෙවරක් ඉටුකළ ඇයගේ සුවදුක් සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) එතුමියගේ නිවසට පැමිණියේය.
ඇය සමඟ බොහෝ වේලාවක් සතුටු සාමීචියේ යෙදුණු විපක්ෂ නායකතුමා එතුමියට නිදුක් නිරෝගී සුවය ද ප්‍රාර්ථනා කළේය.
එම අවස්ථාවට කලාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටීම විශේෂත්වයක් විය.