මෙරට සමස්ත ජනගහනයෙන් මිලියන 1.7කට ආසන්න සංඛ්‍යාවක් ආබාධ සහිත පුද්ගලයින් වන අතර, ඔවුන්ට සිය අවශ්‍යතාවයන් හා උවමනාවන් සපුරා ගැනීමේ දී මුහුණ දෙන බරපතළ ගැටලු රැසක් පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනු ලැබීය.
වෛද්‍ය පහසුකම්, අධ්‍යාපනය සහ රැකියා කටයුතුවලට යොමු වීමේ දී මෙරට පොදු පහසුකම්වල පවතින අඩුපාඩු නිසාද ඔවුන් දුෂ්කරතාවයන් රැසකට මුහුණ දෙන බව පැවසූ විපක්ෂ නායකතුමා, ඔවුන් මුහුණ දෙන ගැටළු හතක් පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු කරනු ලැබීය. ඒ, 27/2 හරහා ප්‍රශ්නයක් නගමිනි.






