ආණ්ඩුවේ මර්දනයට එරෙහිව අද දින අන්තරේ සිසුන් පිරිසක් එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ඉදිරිපිටට ගොස් විරෝධතාවක නිරත විය.
එහිදී එක්සත් ජාතීන්ගේ මෙරට නියෝජිත හැනි සිංගර් මහත්මිය විරෝධතාකරුවන් අතරට පැමිණීම විශේෂ සිදුවීමක් විය.
අවශ්‍ය තරම් විරෝධතා සිදුකරන ලෙසත්, සිසුන් මෙහිදී ආරක්ෂිත බවත් ඇය එහිදී කියා සිටියාය.