11 වැනි අටමස්ථානාධිපති ලෙස රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරි නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, පල්ලේගම හේමරතන නාහිමිපාණෝ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනය මධ්‍යයේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී අද උදෑසන වැඩ බාර ගත්හ.
රත්නත්‍රයේ ආශිර්වාදයත්, රුවන්වැලිසෑ චෛත්‍යරාජයාණන් වහන්සේගේ හා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේත්, දෙවියන්ගේත් ආශිර්වාදය රටටත් සියලු ජනතාවටත් ප්‍රාර්ථනා කරන බව උන්වහන්සේ එම දුරයෙහි වැඩ භාර ගනිමින් පැවසූහ.
මෙතෙක් අටමස්ථානාධිපති දුරයෙහි කටයුතු කළ පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ අටමස්ථානාධිපති ධූරය සදහා උන්වහන්සේගේ මෙලෙස පත් වූහ.







