අල්-කයිඩා ත්‍රස්තවාදී සංවිධානයට මූල්‍ය පහසුකම් සපයන්නෙකුගේ ව්‍යාපාරික සගයෙකු බවට හඳුනාගෙන, එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් සම්බාධක පනවූ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා මොහොමඩ් ඉර්ෂාඩ් මොහොමඩ් හරිස් නිසාර් නොහොත් නිසාර් නමැති බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම ව්‍යාපාරිකයා දීර්ඝ කාලයක් අල්-කයිඩා සංවිධානය සමග සබඳතා පවත්වා ඇති බවට අනාවරණය වී තිබේ.
එමෙන්ම මෙම පුද්ගලයා නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් සිය ව්‍යාපාරයන් සිදුකර ඇති බවත් බුද්ධි අංශ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට පොලීසිය වෙත සිය බුද්ධි තොරතුරු ලබාදී ඇති බවත් ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මෙම ව්‍යාපාරිකයා සමග සබඳතා පවත්වනු ලබන මෙරට පදිංචි පුද්ගල ජාලයක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශන සිදුකරගෙන යන බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
මොහු 2018 වසරේ සිට අහමඩ් ලුක්මාන් තාලීබ්ගේ ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර ඔහුට තාලීබ් සමග ඥාති සබඳතාවයක් ඇති පුද්ගලයෙකු ලෙසද එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් හඳුනාගෙන ඇත.
තාලිබ් සමග නිසාර් ශ්‍රී ලංකාවේ සිදුකරන ව්‍යාපාර තුළින් වාර්ෂිකව අමෙරිකානු ඩොලර් 200,000ක් පමණ උපයා ඇතැයි විශ්වාස කෙරේ.
මේ අනුව නසාර්ද, තාලිබ් හරහා අල් කයිඩා සංවිධානයට මූල්‍ය, ද්‍රව්‍යමය හා තාක්ෂණික හා සේවා සහාය ලබාදී ඇති බවට අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව හඳුනාගෙන තිබේ.
අල්-කයිඩා සංවිධානය සහ දේශසීමා හරහා ක්‍රියාත්මක කරනු ලබන මූල්‍ය සම්පත් එක්රැස් කිරීමේ සහ ත්‍රස්ත මෙහෙයුම් ජාලය අඩපණ කිරීමේ අරමුණින් මොහු සහ තුර්කි ජාතිකයෙකු වන මුසාබ් නැමැත්තාටද අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සම්බාධක පනවූ බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය මගින් තාලිබ්ගේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික සගයා වන නිසාර්ගේ එක්සත් ජනපදයේ පවතින සියලුම වත්කම් හා දේපළ තහනම් කර ඇති අතර ඔහුට අමෙරිකානුවන් සමග ගනුදෙනුවල නිරතවීමද තහනම් කර තිබේ.
විශේෂයෙන් නම් කළ ගෝලීය ත්‍රස්තවාදියෙකු වෙනුවෙන් කටයුතු කිරීම හේතුවෙන් ඔහුට අමෙරිකා එක්සත් ජනපදයේ මූල්‍ය ගිණුමක් පවත්වා ගැනීම හෝ විදේශීය මූල්‍ය ආයතනයක් සමග කටයුතු කිරීමද තහනම් වෙයි.
කෙසේනමුත් මෙම සම්බාධකවල අරමුණ අදාළ පුද්ගලයින්ට දඬුවම් කිරීම නොව ධනාත්මක වෙනසක් ඇති කිරීම බව අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය වැඩිදුරත් අවධාරණය කරයි.