Home Local News Room : සරත් වීරසේකරටත් බිත්තර ප්‍රහාරයක්! වැඩි කරපු 5ට බාල්දියක් පෙරළෙයි!

News Room : සරත් වීරසේකරටත් බිත්තර ප්‍රහාරයක්! වැඩි කරපු 5ට බාල්දියක් පෙරළෙයි!

0
0

බිත්තර සඳහා නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය තවමත් වලංගුව පවතින බවත් එහි සඳහන් උපරිම මිලට වඩා වැඩි මිලට බිත්තර අළෙවි කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා පැවසීය.

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිල බිත්තර අළෙවි කරන ස්ථාන සොයා තව දුරටත් වැටලීම් ක්‍රියාත්මක කරන බව කී ශාන්ත නිරිඇල්ල මහතා බිත්තරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට අවසර දුන් බවට යම්කිසි කෙනෙක් ප්‍රකාශ කර තිබේ නම් එය සම්පූර්ණ අසත්‍ය මෙන්ම එවැනි වැඩි කිරීමක් කරන්නේ නම් පාරිභෝගික අධිකාරිය හැර වෙනත් කිසිඳු පුද්ගලයෙක්ට හෝ ආයතනයකට හැකියාවක් නොමැති බව ද සඳහන් කළේය.  

කෙසේවෙතත් කැබිනට් අනුමැතිය මත පත් කළ ආහාර ප්‍රතිපත්ති කමිටුවේ සාකච්ජාවන්ට සහභාගී වී ඇති සරත් වීරසේකර මහතා පාලන මිලද ඉක්මවා යන ආකාරයට බිත්තරයක මිල රුපියල් 5කින් වැඩි කරන ලෙස උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here