Home Local News Room : පොලිස්පති බස්නාහිර පළාතේ අපරාධ මඩින්න ප්‍රියන්ත ජයකොඩිව අරන් එයි!

News Room : පොලිස්පති බස්නාහිර පළාතේ අපරාධ මඩින්න ප්‍රියන්ත ජයකොඩිව අරන් එයි!

2
0

බස්නාහිර පළාතේ අපරාධ මර්දන පොලිස් ප්‍රධානියා ලෙස නියෝජ්‍ය පොලිස්පති ප්‍රිශාන්ත ජයකොඩි මහතාව පත්කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමතියට යටත්ව පොලිස්පතිවරයා විසින් මෙම පත්කිරීම කර ඇත.

ප්‍රිශාන්ත ජයකොඩි මහතා කලක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙසද කටයුතු කළේය. පසුව ඔහු රත්නපුර කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස සේවයේ නිරතව සිටියදී 2014 වසරේදී ඕස්ට්‍රේලියාවට ගොස් දේශපාලන රැකවරණය ලබා එහි සිටියේය.

යහපාලන ආණ්ඩුව පැවති සමයේදී නැවත මෙරටට පැමිණි ඔහු 2015 මහා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළේය. ඒ එජාපයේ මහර ආසන සංවිධායක ධූරයටද පත්වෙමිනි.

පසුව ප්‍රිශාන්ත ජයකොඩි මහතා යහපාලන ආණ්ඩුවේ දේශපාලන පළිගැනීම් කමිටුවට ගොස් නැවත සේවයේ පිහිටුවාගෙන උසස්වීම්ද ලබාගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here