Home Local News Room : ජපානයෙන් ප්‍රාඩෝ එකක් ගෙනත් දෙන්නම් කියලා පියතුමෙක් ලක්ෂ 80ක්...

News Room : ජපානයෙන් ප්‍රාඩෝ එකක් ගෙනත් දෙන්නම් කියලා පියතුමෙක් ලක්ෂ 80ක් අරන්! ප්‍රාඩෝ එකත් නෑ! ලක්ෂ 80ත් නෑ! පියතුමාට වෙච්ච දෙයක්!

0
0

ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් ජපානයේ සිට ගෙන්වා දෙන බව පවසා රුපියල් ලක්ෂ 80ක් වංචා කළැයි කියන සිද්ධියකට අදාළව කොළඹ වංචා විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් පියතුමෙකු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද 09 නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මීගමුවේ පදිංචි වර්ණකුලසූරිය ලෙස්ලි ප්‍රනාන්දු පියතුමා ය.

සැකකාර පියතුමා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ තම සේවාදායකයා මෙම මුදල් ශ්‍යාමලී සමරනායක නමැත්තියක් වෙත ලබා දී ඇති බවත් ඇය කෝටි ගණනින් මුදල් වංචා කර එවැනි වැරදි ගණනාවකට ඇප මත සිටින්නයක් බවත් ය.

අදාල කාන්තාව වෙත මුදල් දුන් බවට ලේඛණයක් ඉදිරිපත් කළ හැකිදැයි මහේස්ත්‍රාත්වරයා සැකකරුගෙන් විමසා සිටි අතර එවැන්නක් ඉදිරිපත් කිරීමට සැකකාර පාර්ශවය අපොහොසත් වීම හේතුවෙන් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට අධිකරණය නියෝග කළේය .

මෙම කාන්තාව සම්බන්ධයෙන් ඉදිරි දින අධිකරණයට දන්වන ලෙස මහේස්ත්‍රාත්වරයා කොළඹ වංචා විමර්ශන ඒකකයට ද නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here