Home Local News Room : කැබිනට් එකෙන් පත් කරපු කමිටුවට සරත් වීරසේකර රිංගුවේ කොහොමද?...

News Room : කැබිනට් එකෙන් පත් කරපු කමිටුවට සරත් වීරසේකර රිංගුවේ කොහොමද? ගැසට් එකට පිටින් ගිහින් බිත්තරයක් 5කින් වැඩි කරන්න තීන්දු කළේ කාගෙන් අහලද? වීරසේකර මෙහෙම වැඩ කරන්නේ කාගේ හයිය අතට අරන්ද?

0
0

කැබිනට් අනුමැතිය මත පත් කළ ආහාර ප්‍රතිපත්ති කමිටුවේ සාකච්ජාවන්ට සහභාගී වී ඇති සරත් වීරසේකර මහතා පාලන මිලද ඉක්මවා යන ආකාරයට බිත්තරයක මිල රුපියල් 5කින් වැඩි කරන ලෙස උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

මෙම ආහාර ප්‍රතිපත්ති කමිටුව කැබිනට් මණ්ඩලය විසින් පත් කළ අතර එය ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ අමාත්‍යාංශය ලේකම්වරුන් නියෝජනය ‍කරයි. මෙම කමිටුවේ ප්‍රධානීයා වන්නේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාය.

කෙසේවෙතත් ලේකම්වරුන්ගෙන් සැදුම්ලත් කමිටුවකට සරත් විරසේකර මහතා සම්බන්ධ වී මෙවැනි සංවේදී තීරණයක් ගත්තේ කෙසේදැයි ප්‍රශ්නයක් මතුවී ඇත.

රටේ දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙද්දී දරුවන්ගේ පැත්ත නොගෙන සරත් වීරසේකර මහතා බිත්තර නිෂ්පාදකයින්ගේ පැත්ත ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරුන් සිය දැඩි අප්‍රසාදය පළ කොට ඇති බවද දැනගන්නට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here