කළුතර පයාගල ප්රදේශයේ නිවසක ජල මනු සටහන් කිරීමට ගිය මනු සටහන්කරුවෙකුට 17 හැවිරිදි පාසල් සිසුවෙකු විසින් කළ පහරදීමකින් තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පයාගල පොලීසිය පවසයි.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ජාතික ජල ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පයාගල ස්ථාන භාර නිළධාරී කාර්යාලයට අනුයුක්ත මනු සටහන්කරුවකු වන එන් ඩබ්ලිව් එම් කමල් ලසන්ත නමැත්තෙකි.
ඔහු මේ වන විට කළුතර ශික්ෂණ රෝහලේ අංක 32 වාට්ටුවේ ප්රතිකාර ලබන බව රෝහල් ප්රකාශකයෙක් පැවසීය.
පහර කෑ ජල මනු සටහන්කරු උතුරු පයාගල ප්රදේශයේ ජල බිල්පත් නිකුත් කිරීමේ නිරතව සිට ඇති අතර සැකකරු සිසුවා පදිංචි නිවසේ ජල බිල්පතෙහි ඒකක 601 වෙනුවට වැරදීමකින් ඒකක 607 වශයෙන් සටහන් දැමීම සම්බන්ධයෙන් හැකි වූ කතා බහක් දුර දිග යෑමෙන් අනතුරුව මෙම පහරදීම සිදුකර ඇතැයි පොලිසිය පවසයි.
සැකකාර සිසුවා මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන අද කළුතර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.






