Home Local News Room : සයිබර් ප්‍රහාරයක්ද? ඊයේ ආගමන විගමනේ සිස්ටම් අවුල් ගියා! අද...

News Room : සයිබර් ප්‍රහාරයක්ද? ඊයේ ආගමන විගමනේ සිස්ටම් අවුල් ගියා! අද ගුවන් ‌තොටුපොළේ සිස්ටම් අවුල් ගිහින්! අතින් වැඩ පටන් අරන් ඔක්කොම හිරවෙයි!

0
0

කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්තවල ස්ථාපිත පරිගණක පද්ධතිය අද (09) උදෑසන හදිසියේ බිඳ වැටී තිබේ.

මේ සමගම ගුවන්තොටුපොළ තුළ ගුවන් මගී තදබදයක් ඇති වී ඇති අතර, එය පාලනය කිරීම සඳහා එම දෙපාර්තමේන්තු නිලධාරීන් සිය රාජකාරී ස්වයංක්‍රීය ක්‍රමයෙන් බැහැරව සිදුකිරීමට පියවර ගෙන තිබේ.

ඊයේ (08) දිනයේ දී ද මෙයට සමගාමීව ආගමන විගමන දෙපාර්තමේන්තු කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයේ සහ කටුනායක ගුවන්තොටුපොළ පිහිටි පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්තවල ස්ථාපිත කර තිබූ පරිගණක පද්ධතිය බිඳවැටීමකට ලක්ව තිබුණි.

මේ හේතුවෙන් සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට ප්‍රධාන කාර්යාලය වෙත පැමිණි ජනතාව නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් පොලීසිය පවා කැඳවීමට ද පියවර ගෙන තිබුණි.

කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය ඉක්මණින් යථා තත්ත්වයට පත්කිරීමට එම දෙපාර්තමේන්තු නිලධාරීන් ක්‍රියාකරමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here