Home Local News Room : ලිංගික උත්තේජනය වැඩි කරන එන්නත 255ට ගන්න පුලුවන්කම තියෙද්දී...

News Room : ලිංගික උත්තේජනය වැඩි කරන එන්නත 255ට ගන්න පුලුවන්කම තියෙද්දී එකක් 40,859 ගාණේ අරන්! ලක්ෂ 4ක වැඩේට කෝටි 7ක් ගෙවලා! ඖෂධ නීතිගත සංස්ථාවේ මහා ගැහිල්ලක් එළියට එයි!

0
0

එන්නතක් රුපියල් 255කට මිලදී ගැනීමට ඇස්තමේන්තු කර තිබියදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එකක් රුපියල් 40,869 බැගින් එන්නත් 1,563ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි හතකට ආසන්න මුදල් වැය කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස  විගණකාධිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ.

රාජ්ය් ඖෂධ නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් සිදුකළ විගණනයකදී අනාවරණය වූ කරුණු අනුව විගණකාධිපති දෙපාර්තමේන්තුව මෙම නිර්දේශය කර ඇත.

එම විගණන වාර්තාවට අනුව ලිංගික උත්තේජනය සඳහා භාවිත කරන මෙම එන්නත ඇස්තමේන්තු කළ මිලට හෝ ඒ ආසන්න මිලකට මිලදී ගත්තේ නම් වැයවන්නේ ලක්ෂ හතරකට ආසන්න මුදලකි. එහෙත් සංස්ථාව මෙම එන්නත සඳහා රුපියල් හයකෝටි අසූහත් ලක්ෂයක මුදලක් වැය කර ඇතැයිද විගණන වාර්තාවේ සඳහන්වේ. -ලංකාදීප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here