Home Local News Room : මහින්ද මූලාසනේ ඉද්දීම ප්‍රසන්න රණවීර සාගරට ගහන්න පනී! කුණුහරුපත්...

News Room : මහින්ද මූලාසනේ ඉද්දීම ප්‍රසන්න රණවීර සාගරට ගහන්න පනී! කුණුහරුපත් කියයි! පස්සෙන් පන්නන් යයි!

0
0

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් යන මහක්වරුන් අතර උණුසුම් තත්ත්වයක් මතුව ඇති බව දැනගන්නට තිබේ.

මෙහිදී ප්‍රසන්න රණවීර මහතා සාගර කාරියවසහ් මහතා හට පරුෂ වචනයෙන් බැන වැදී පහර දීමට උත්සාහ කොට ඇති බවද වාර්තා වේ.

මෙම සිදුවීම සිදුව ඇත්තේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කණ්ඩායම් රැස්වීම අතරමගදී කමිටු අවස්ථාවකට සහභාගී වීමට අවශ්‍ය බව පවසමින් එම කමිටුවේ නියෝජිතයන්ට ඊට සහභාගී වන ලෙසට කළ දැනුම් දීම අතරවාරයේදීය.

එහිදී ප්‍රසන්න රණවීර මහතා සාගර කාරියවසම් මහතාට බැනවැදී පහර දීමට උත්සාහ දරා ඇති බව දැනගන්නට ඇත.

මහින්ද රාජපක්ෂ මහතා මූලාසනයේ සිටියදී මෙවැනි සිදුවීමක් සිදුව ඇත්තේ පළමුව වතාවටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here