රටත් ජනතාවත් අන්දවන පරිච්ඡේදයක් අද යළිත් ආරම්භ වූ බවත් දවසින් දවස රැස්වී, කතා පවත්වා, රට අයාලේ යන තැනට පත් කොට විසිරී යාම හැරුණුකොට රට ගොඩනැගීම උදෙසා කිසිදු වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබා දී ඇති පොරොන්දු මොනවාදැයි මොනවාදැයි හෙළිදරව් කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා, රට වැටී ඇති බංකොලොත්භාවයෙන් ගොඩ ගැනීමට ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නැතැයිද පැවසීය.
දරුවන් සාගින්නේ මන්දපෝෂණයෙන් පාසල් වල ඇද වැටෙන බව පැවසූ විපක්ෂ නායකතුමා ඒවා පිළිබඳව හෙළිදරව් කරන නිලධාරීන්ට එරෙහිව ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද පැවසීය.
වර්තමාන ජනාධිපතිවරයා එදා ඇමරිකානු ඩොලර් බිලියන හතරක් අතේ තියාගෙන ජනාධිපතිකම් ලබාගත් බවට කළ ප්‍රකාශයක් සිහිපත් කළ විපක්ෂ නායකතුමා ඒ මුදල් කොහේදැයි කොහේ දැයි ප්‍රශ්න කර සිටියේය.
අද වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පවා ප්‍රතිපත්ති වෙනස් වී ඇති නමුත්, ආණ්ඩුවේ දරදඬු ප්‍රතිපත්ති වෙනස් වී නැති වීම කණගාටුවට සහ ඛේදවාචකයට කරුණක් බව ද විපක්ෂ නායක තමා පැවසීය.
මේ සියල්ල මැද ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ විවිධ දේශපාලන පක්ෂ වලින් මන්ත්‍රීවරුන් බිලිබා ගන්නට බව පැවසූ විපක්ෂ නායකතුමා, මේ දුර්ධාන්ත ආණ්ඩුවට එකතු වන්නට සමගි ජන බලවේගයේ කිසිවෙක් නැතැයි ද පැවසීය.
දේශපාලන ඉරිසියාව සහ කුහකකමින් පිරුණු ආණ්ඩුවට මේ රට ගොඩනැගීමට නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා,ආර්ථිකය හකුලුවා රට ගොඩනගන බවට මායාවක් ඉදිරිපත් කරමින් ආණ්ඩුවේ මැති ඇමති තනතුරු වර්ධනය කර ගන්නා බව ද පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කරනු ලැබූ සම්පූර්ණ කතාව මෙසේය.
තවත් විවාදයක් පටන් ගත්තා. ආයෙත් පාරක් රටක් අන්වන ගමනේ එක පරිච්ඡේදයක් ලියැවෙන දවසක් හැටියට අපිට අද දවස හඳුන්වන්න පුළුවන්. දවසෙන් දවස රැස්වෙනවා, කතා කරනවා, අන්දවනවා, රට අයාලේ යනවා. ජන ජීවිතය විනාශ වෙනවා. වැදගත්ම කාරණාව බංකොලොත්භාවයට පත් වෙච්ච අපේ රට බංකොලොත් භාවයෙන් ගොඩ එන්නට රජය පිළිගෙන තියෙනවා IMF එක පාලමක් කියලා. අඩුම ගානේ දැන්වත් මං අහන්න කැමතියි රජයෙන් ඇයි IMF එකත් එක්ක ඇති කරගෙන තිබෙන එකඟතාවය, ගිවිසුම, අවබෝධ තාවය ඕනම වචනයකින් හඳුන්වන්නට පුළුවන්. ඇයි මේක එළිදක්වන්නේ නැත්තේ? මොකක්ද IMF staff level agreement එක, ඒ agreement එකේ තිබෙන කරුණු ,හරය ඇයි රටට හෙළි කරන්නේ නැත්තේ? ඇයි මේවා හංගං ඉන්නේ. මෙච්චර බංකොලොත් වුණු රටේ තවමත් මේ ආණ්ඩුව ඇයි මිනිස්සුන්ගේ ජිවිතත් එක්ක සෙල්ලං කරන්නේ? අහනකොට කියනවා ගිවිසුමක් නැහැලු. no agreement. හැබැයි බදු ටික ගහනකොට ජනාධිපතිවරයා රටට ප්‍රකාශ කරනවා මේ කරන්නේ IMF එක කියන විදියට කියලා. මේ ක්‍රියාත්මක කරන්නේ IMF කොන්දේසි කියලා. මොකක්ද මේකෙ තේරුම? ගිවිසුමක් තියෙනවද? ස්ටාෆ් level agreement එකක් තියෙනවද? එහෙම නැත්නම් රටට බොරු කියනවද?
විදුලි බිල වැඩි කරන කොට මොකක්ද කියන්නේ? IMF එක හින්දා වැඩි කරනවයි කියලා. ගෑස් මිල වැඩි කරන කොට IMF එක කියනවයි හිනදා කරනවා. එතකොට පිටි මිල, ආහාර මිල, බඩු මිල ඒවා වැඩි වෙන්නෙත් IMF එක හින්දද? මේ IMF එකේ උපදෙස් ද? ඇයි මේ IMF staff agreement ඇයි මේක පාර්ලිමේන්තුවේ සභාගත කරන්නේ නැත්තේ? ඇයි මේ වගේ රහස්‍ය භාවය තුළින් රට මංමුලා කරන්න හදන්නේ? ඇයි රටට IMF staff agreement එක පෙන්නන්නේ නැත්තේ? මොනවද මේ හංගන්නේ? පැහැදිලිවම අද මේ සිදුවන්නේ සිදුවන්නේ රජය ගිවිසුම් ගහනවා. ජනතාවගෙන් ඒවා හංගනවා. එහෙම කරන ගමන් කියනවා එකතුවෙන්න ලු. එහෙම කරන ගමන් කියනවා අපිටත් එන්න ලු එකතු වෙලා වැඩ කරන්න. මං අහන්න කැමතියි ආණ්ඩුවෙන් IMF ඒකට ආණ්ඩුවෙන් පොරොන්දු වෙලා තියෙනවද මේ රටේ නිදහස්, නිවහල් නොමිලේ සෞඛ්‍යය පෞද්ගලිකරණය කරන්න අපි අහන්න කැමති. මේවට උත්තර ඕනි. IMF එකට කියලා තියෙනවද මේ රටේ නිදහස්, නිවහල් නොමිලේ අධ්‍යාපනය පෞද්ගලිකරණය කරනවයි කියලා. දැනටමත් අපිට ආරංචි සමහර ප්‍රධාන රජයේ රෝහල් වල යම් යම් ආකාරයක ගෙවීමක් කරලා සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේ වැඩපිළිවෙළක් අලුතෙන් ආරම්භ කරන්නට යනවයි කියලා. මේ ආරම්භ කරන්නේ රාජ්‍යය සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණය කරන්න ද? මේ රටේ සුබසාධන රාජ්‍ය national welfare state එක හකුලා ගන්නද? අපිට මේවට අවශ්‍යයි රජයෙන් උත්තර.
අපි හැමෝම දන්නවා. අපි උදාහරණයක් ලෙස ගමු රෝගියෙකුට ඔහු ගිලන් වෙලා ඔහු හෝ ඇය පිළිකාවක් නිසා. භයානක පිළිකාවක්. එතකොට මොන වගේ පිළිකාවක්ද, මොනවගේ රෝගයක්ද, කොයිතරම් ව්‍යාප්ත වෙලා තියෙනවාද කියන එක ගැන පරීක්ෂණ පවත්වනවා. සීටී ස්කෑන් කියයි, MRI scan කියයි. X ray කියයි. හැබැයි ඒ ඔක්කොම කරල වෛද්‍ය කණ්ඩායමට කියනවා CT ස්කෑන් එක බලන්නේ නැතුව, MRI ස්කෑන් එක බලන්නේ නැතුව x ray එක බලන්නේ නැතුව ප්‍රතිකාර කරන්නයි කියලා. දැන් අපිටත් කියනවා ආණ්ඩුවට එන්නයි කියලා IMF staff agreement එකේ තොරතුරු කරුණු කාරණා රටට හෙළිදරව් කරන්නේ නැතුව. මේ හොර වැඩකට තමයි එන්න කියන්නෙ. මේ හොර ගිවිසුම් ගහලා, හොර අවබෝධතා වලට ඇවිල්ලා, හොර එකඟතාවයන් වලට ඇවිල්ලා මොනවද මේගොල්ලො කරන්නෙ? මේ අය ආර්ථිකය හකුල වනවා. ආර්ථිකය කුඩා කරනවා. ජන ජීවිත විනාස කරනවා. මේ කරන්නෙත් රට ඇන්දවීම. රට මං මුලා කිරීම. මේක තමයි පොහොට්ටු සංස්කෘතිය. මේක තමයි පොහොට්ටු ගමන. දැන් අද මං අහගෙන හිටිය මේ සභාවේ අපේ ප්‍රතිපක්ෂ කණ්ඩායමේ එහාපැත්තෙන් මොනවද කියන්නේ, ස්ථායීකරණය කරන්නට ඕනෙලු, ස්ථාවර කරන්නට ඕනිලු, ගොඩනගන්නට ඕනෙලු, ගොඩනඟන්නට කවුරුද මේ රට වැට්ටුවේ? කවුද මේ රට බංකොලොත් කළේ? මේ රට බංකොලොත් උනේ සෞභාග්‍ය දැක්ම කියලා රට අභාග්‍යයේ පතුල කරාම ගෙනියපු නිසා. ඒකයි මෙහෙම වුණේ. එතකොට මොකක්ද මේ රජය දෙන විසඳුම? බංකොලොත්භාවයට ආර්ථිකය හකුලන්න ඕනේ. economic contraction. දැන් ආර්ථිකය සංකෝචනය කිරීම ආර්ථිකය හැකිලීමෙන් පමණක් පුළුවන්ද මේ ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබාගන්න. ජන ජීවිත තෙරපලා, පාගලා, මිරිකලා, එකෙන්ද මේ ගොඩ එන්න හදන්නේ? Demand contruction. ඒ කියන්නේ ඉල්ලුම සංකෝචනය කිරීම ද මේ රජයට මේ ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන එකම වැඩපිළිවෙළ? බදු වැඩි කරලා, පොලී අනුපාතය වැඩි කරල ජන ජීවිත විනාස වෙලා. මේ රටට මේ රටේ ජනතාව පිළිබඳව මේ රජයට මානුෂීය හැඟීමක් නැද්ද? මෙය ආණ්ඩුවට මනුස්සත්වය නැද්ද? මිනිස්සුන්ගෙ දුක තේරෙන්නේ නැද්ද? මිනිස්සුන්ගේ කඳුළට වේදනාවට හදවතේ කොතැනක හරි පුංචි යම් හෝ කැක්කුමක් ඇති වෙන්නේ නැද්ද? ඒ තරම්ම දරදඬු අමානුෂීය තමන් හරි කියන ඒ ගමන යන උද්ධච්ච කමින් පිරිච්ච දේශපාලන ඊර්ෂ්‍යාවෙන් , කුහකකමින් පිරිච්ච මේ වගේ ආණ්ඩුවකට පුළුවන්ද රට ගොඩගන්න.
අපි කියනවා බොහොම පැහැදිලිව ආර්ථිකය තුළ ප්‍රතිසංස්කරණ වෙන්නට ඕන. වෙනස්වීම් සිදු වෙන්නට ඕනේ. නමුත් ගොඩ ඒම සඳහා ආර්ථික වර්ධනයකුත් අවශ්‍යයි. මම අහන්න කැමතියි රටට කියනවා සංකෝචනය. contruction. හැබැයි ආණ්ඩුව මොකක්ද කරන්නේ ආණ්ඩුව කරනවා expansion. ප්‍රසාරණය. ආන්ඩුවේ contruction එකක් නැහැ. ආණ්ඩුවේ සංකෝචනයක් නැහැ. ආණ්ඩුවේ තියෙන්නෙ වැඩිවීමක්. දැන් හෙට අනිද්දා ත් වැඩි කරන්න හදනවා නෑ හදනවනෙ ඇමතිවරු. බැසිල් රාජපක්ෂගේ නියෝග මත රාජ්‍ය ඇමතිවරු තිස් අටක් පත් කරා නේ. බංකොලොත් වෙච්ච රටකට රාජ්‍ය ඇමතිවරු තිස් අටක් අවශ්‍යද? බංකොලොත් වෙච්ච රටකට කැබිනට් ඇමතිවරු විසි ගානකට වැඩිය අවශ්‍යද? තවත් පත් කරන්න යනවා. එතකොට රටට කියනවා ඉහළ පොලී අනුපාතයක් දාලා බදු පිට බදු ගහලා, tax slab අඩු කරලා, export tax කරලා අපනයන මත බදු ගහලා බදු වැඩි කරලා. contruction කියනවා. හකුලා ගන්න කියනවා. රටට ලක්ෂ දෙසේ විස්සට හකුලා ගන්න කියලා ආණ්ඩුවේ 134 මොකක්ද කරන්නේ? ආණ්ඩුවේ 134 ප්‍රසාරණය වෙනවා. ආණ්ඩුවේ 134 වැඩි වෙනවා. ඇයි ජනාධිපතිවරණයේ දී තමන් ලබා ලබාදුන්නෝ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කිරීම, මොකද්ද ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කිරීම? ප්‍රතිපත්ති ප්‍රකාශනය තියෙන්නෙ මොකක්ද? පොහොට්ටුවෙ මන්ත්රීවරුන්ට ආරක්ෂාව, පොහොට්ටුවේ මන්ත්‍රී වරුන්ට ආරක්ෂාව, පොහොට්ටුවෙ මන්ත්‍රීවරුන්ට වන්දි, පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට පොරොන්දුවක් දෙනවා පාර්ලිමේන්තුව විසුරවන්නේ නැහැ. මෙන්න ජනාධිපතිවරණයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. ලක්ෂ 220 නෙවෙයි. ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉලක්ක කර ගත්තේ. මේ පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ඡන්දය ලබා ගැනීම සඳහා සුළු බහුතරය තමයි ඉලක්ක කර ගත්තේ. ඒ විතරක් නෙමෙයි මං අහන්න කැමතියි රටට කියනවා සංකෝචනය. Economic contruction. ආණ්ඩුව ප්‍රසාරණය goverment expansion. මෙහෙම යනකොට ඇයි අඩුමගානේ පාසල් දූ දරුවන්ට දිවා ආහාරය වත් ලබා දෙන්න බැරි? මේ හිතක් පපුවක් නැති ආණ්ඩුවක්. දරුවෝ පන්ති පන්තිකාමර වල කලන්තේ දාලා වැටෙනවා. ඊට පස්සේ මේවා හෙළිදරව් වෙනකොට නියෝග යවනවා අධ්‍යාපන බලධාරීන්ට මෙහෙම දෙයක් නැතැයි කියලා රටට වාර්තා කරන්න කියලා. මන්දපෝෂණය ගැන කතා කරපු වෛද්‍යවරුන් doctor චමල් සංජීව වැඩ තහනම් කරලා, මොකද්ද වරද? මන්දපෝෂණය ගැන එළිපිටම කතා කරපු නිසා. ඒක හරිද? ඒක සාධාරණ ද?
ඊට අමතරව මොකක්ද මේ ආණ්ඩුව කරන්නේ? මේ ආණ්ඩුව බිලි බා ගන්න හදනවා විපක්ෂයෙන් පුද්ගලයන්ව. මොනවටද? ඇමතිකම් වලට නම් කරන්න. Forchin strategy එකක් ක්‍රියාත්මක කරනවා. බිලී බා ගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මං අහන්නෑ රටේ වගකීම භාරගත්තේ අපිට ඇහුණා කියනවා අතේ තියෙනවයි කියලා ඇමරිකානු ඩොලර් බිලියන හතරක්. කෝ ඒ ඩොලර් බිලියන හතර? කෝ bridging finance? කෝ මේ ලබා දෙනවයි කියපු සහන ටික? වරදවා තේරුම් ගන්න එපා. දශක දෙක තුනකට පෙර තිබුණු IMF එක නෙමෙයි අද තියෙන්නෙ. අද IMF එක කතා කරනවා grow for growth. inclusive growth. share prosperity. exporters growth, IMF එකේ ප්‍රකාශන ප්‍රතිපත්ති වෙනස් වෙලා. IMF එකේ ප්‍රතිපත්ති වෙනස් වුණාට මේ දරදඬු ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙනස් වෙලා නැහැ. මං අහන්න කැමතියි ආණ්ඩුවෙන් කෝ ලෝක බැංකුව දෙනවයි කියපු bridging finance. කෝ ADV එක දෙනවයි කියපු bridging finance? මහලොකුවට කිව්වා නේද අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳව ඔස්තාර්ලා කියලා. මහ මොළකාරයෝ කියලා. කෝ formance එක? කෝ ක්‍රියාව? මේ රජයේ අරමුණ රට සංකෝචනය කරලා ලක්ෂ දෙසීය විස්ස සංකෝචනය කරලා 134ක් තමන්ගේ ගොට්ටෝ ටික පෝෂණය කිරීම. තමන්ගේ ගොට්ටන්ට වරදාන වරප්‍රසාද ලබා දීම. මම පැහැදිලිව කියන්න කැමතියි කොච්චර උත්සාහ දැරුවත් පුද්ගලයින්ව බිලී බා ගන්න, මැති ඇමති තනතුරු පෙන්වලා, මැති ඇමති සීනිබෝල පෙන්වලා, සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානයෙන් කිසිම කෙනෙක් මේ දුර්දාන්ත ආණ්ඩුවට එකතු වන්නට සූදානම් නැතැයි කියන එක මං මේ අවස්ථාවේ කියන්න කැමතියි.
අද යන්නේ ඇමති වෙන්දේසියක්. ඇමති oction එකක්.බෑග් පිටින් ගෙනල්ලා දෙන්නෙ. බෑග් පිටින් පොරොන්දු වෙන්නේ. මට මතකයි නියෝජ්‍ය කතානායකතුමනි මේ වර්තමාන ජනාධිපතිතුමා මම එක්සත් ජාතික පක්ෂය ඉන්නකොට එක වෙලාවක මන්ත්‍රීවරු ගණනාවක් යවන්න සිද්ධ වුණා සිංගප්පූරුවට. ඇයි? සිංගප්පූරුවේ ගිහිල්ලා තියාගෙන හිටියා. බිලී බා ගන්න හදපු නිසා. එදා වර්තමාන ජනාධිපතිතුමා විපක්ෂ නායක. නමුත් මම එකක් කියන්න කැමතියි අපි අපේ මන්ත්‍රීවරු කිසිම කෙනෙක් පිට රට යවලා නැහැ සාත්තු සප්පායම් කරලා. අපේ මන්ත්‍රීවරු ප්‍රතිපත්තිගරුකයි. අපේ මන්ත්‍රීවරුන්ට මුල අමතක නැහැ. අපේ මන්ත්‍රීවරු දන්නවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය ඉතිහාසයේ ලොකුම වාර්තාවක් තබලයි සමගි ජන ජනබලවේගයේ, සමගි ජන සන්ධානයයි මහමැතිවරණයේ දී ප්‍රථම වතාවට අතිවිශිෂ්ට මන්ත්‍රීවරු ප්‍රමාණයක් දිනා ගත්තේ. ඒ නිසා අපි කවුරුන්වත් දුසිම් ගණන් මන්ත්‍රීවරු පිටරට යවන්නට යන්නේ නැහැ. අපි දන්නවා ආණ්ඩුවේ බොහෝ දෙනා බිලිබා ගැනීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. නමුත් අපේ ගරු මන්ත්‍රීතුමන්ලා ට, අපේ මන්ත්‍රී කණ්ඩායමට ආත්මයක් තියෙනවා. ආත්ම ගරුත්වයක් තිබෙනවා. තමන් වදාපු දෙමව්පියන්ට ගරු කරන මන්ත්‍රී මණ්ඩලයක් සමගි ජන ජනවේගය, සමගි ජන සන්ධානය තුළ සිටිනවා.
මං අහන්න කැමතියි මේ විවිධ වරදාන, වරප්‍රසාද මිල මුදල් යොමු කරලා මේ මන්ත්‍රීවරු බිලීබා ගන්නවා. මේක ද system change එක? මේකද රටේ ජනතාව බලාපොරොත්තු වෙන system change එක. ලක්ෂ 220 ම බලාගෙන ඉන්නවා. මේකද system change? බිලී බා ගැනීමද system change එක? හොඳට මතක තියාගන්න. අමතක කරන්න එපා බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා ගෙදර ගියේ මොකද? මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ගෙදර ගියේ මොකද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙදර ගියේ මොකද? සමහරෙකුට හිතෙනවා ඇති දැන් ඔක්කොම ඉවරයි කියලා. මතක තියාගන්න මේ රටේ ජනතාවගේ මේ හෘදස්පන්දනය තවම මේ ආණ්ඩුවට තේරිලා නැහැ. මේ හැමෝගෙම හිතේ ලොකු වෛරයක් තිබෙනවා. ධන බලය, ආණ්ඩු බලය, මැර බලය, ජඩ කම, කුහකකම, ඉරිසියාකාර කෑදර දේශපාලනය මේ ක්‍රියාකාරකම් පිළිබඳව මුළු රටම බලාගෙන ඉන්නවා. හැමෝම බලාගෙන ඉන්නවා සල්ලි වලට එහාට මෙහාට යන පුද්ගලයෝ නගරයට එනකන්. ගමට එනකං. තනියම යන්න පුළුවන් කමක් නෑ ඒගොල්ලොන්ට. හැබැයි අපි වගකීමෙන් කියනවා සමගි ජන බලවේගය කිසිම දවසක මේ රටේ අතිමහත් ජනතාවගේ ජන වරම, මොනම වරදානකටවත්, වරප්‍රසාදයකටවත්, සක්විති රජකම දෙනවයි කිව්වත්, කවුරුත් ඒ ප්‍රතිපත්තියෙන් මිදෙන්නේ නැහැ. රට පාවලා දෙන්නේ නැහැ. ජනතාව පාවලා දෙන්නේ නැහැයි කියන එක මං මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තුව ඇතුළේ ඇතුළේ පොහොර තියෙනවා. අමාත්‍යාංශය ඇතුළෙත් පොහොර තියෙනවා. ප්‍රවෘත්ති නිවේදන වලත් පොහොර තියෙනවා. press conference එකෙත් පොහොර තියෙනවා. දැන් ඔබතුමාත් මේ කෘෂිකාර්මික ප්‍රදේශයක් නියෝජනය කරන නියෝජ්‍ය කතා නායකවරයෙක්. ගොවිබිම් වලට පොහොර ටික ඇවිල්ලද? යුරියා mop, tsp ඇවිල්ලද? මඩ පොහොර ටික ඇවිල්ලද? බණ්ඩි පෝර ටික ඇවිල්ලද? පොහොර තියෙනවා. අමාත්‍යාංශය ඇතුලේ. පාර්ලිමේන්තුව ඇතුළෙත්. අරලියගහ මන්දිරයෙත්, ජනාධිපති මන්දිරයෙත්, හැබැයි තවම වේවා ගිහිල්ලා නෑ ගොවිබිම්වලට. මේ කාවද රවට්ටන්න හදන්නේ, කාවද මේ මං මුලා කරන්න හදන්නේ? මොකක්ද මේ විහිළුව? හොඳට හිටපු ගොවියව සම්පූර්ණයෙන්ම විනාශ කරානේ. අද මොකද්ද දෛවයේ සරදම? පොහොර තහනම් කරපු බහුතරයම දැන් කියනවා පොහොර දෙනවයි කියලා. එදා ශ්‍රීමත් ජනාධිපතිතුමනි, ඔබතුමා ගත්ත තීන්දුව සර්ව සම්පූර්ණයි නිවැරදි ශ්‍රීමතාණනි කියලා දණ ගහලා වහල්ලු වගේ රටේ ගොවියා විනාස කරපු බහුතරය දැන් කියනවා පොහොර ටික දෙනවා. මොන බොරුවක්ද? මොන විහිලුවක්ද? කාවද මේ රවට්ටන්න හදන්නේ? මං කියනවා දැන්වත් මේ වහල් භාවයෙන් මිදෙන්න. රාජපක්ෂ පවුල් වහල් භාවයෙන් මිදෙන්න. ආත්ම ගරුත්වය, කශේරුකාව කෙලින් තියාගෙන තමන් පත් කරපු මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින්න. දැන් මේ අය හැමෝම හොඳ අධි සුපෝගබෝගී අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා. ඒ මොකද ඡන්දයක් නෑනේ. ඒගොල්ලො හිතන විදියට ඡන්දයක් පේන තෙක් මානෙක නැහැ. ඒක තමයි අර ජනාධිපති තේරීමේ ඡන්ද පොරොන්දුව ක්‍රියාත්මක වීම. ඒ නිසා මේ ගොල්ලෝ ඉන්නවා comfort zone එකක. තව ටික කාලෙකට මිනිස්සු අතරට යන්න සිද්ධ වෙන්නේ නැහැයි කියලා. එහෙම හිතන්න එපා. කවුරු මොන දේ කිව්වත් ලඟදිම ඡන්දයක් එනවා. ළඟදිම ඡන්දයක් අපි ලබාගන්නවා, දිනා ගන්නවා කියන එකත් මම ඒ අවස්ථාවේ කියන්න කැමතියි..
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බෙහෙත් නැහැ. සැත්කම් නතරවෙලා. පරීක්ෂණ නතර වෙලා. කෝ මේ ජාත්‍යන්තරය දුන්නු ආධාර සෞඛ්‍යය ක්ෂේත්‍රය ට. කෝ ලෝක බැංකු ආධාර? කෝ යුනිසෙෆ් ආධාර? කොහාටද මේවා ගිහිල්ලා තියෙන්නෙ? මොකෙක් හරි බහිරවයෙක් ආධාර ටික ගිල්ලද? අපි හැමෝම දන්නවා සීනි බදු වංචාව, සුදුලූනු වංචාව, පොල් තෙල් වංචාව , මේ බංකොලොත් රටේ ගල්අඟුරු වංචාවක් ක්‍රියාත්මක වෙනවා. තෙල් වංචාවක් ක්‍රියාත්මක වෙනවා. මේක වංචාව ක්‍රියාත්මක වෙන පරාදීසයක්. කිසිම හිරිකිතයකින් තොරව, මිනිස්සු හාමතේ, මිනිසුන්ට කන්න නැහැ, අම්මලාට ත්‍රිපෝෂ ටික නැහැ, දූදරුවන්ට ත්‍රිපෝෂ ටික නැහැ. මුන් ටික එක්කහු වෙලා කනවා. මුන් ටික එකහු වෙලා විනාස කරනවා රට. මෙහෙමත් රටක්. මෙහෙමත් ආණ්ඩුවක්. තවදුරටත් මේ රටේ ජනතාව ඉවසගෙන ඉන්නෙ නැහැ. ව්‍යාපාර කඩන් වැටිලා. සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කඩාවැටිලා. රැකියා අහිමි වෙනවා. බුද්ධි ගලනය නිසා බුද්ධිමතුන් රටට අහිමි වෙනවා. පාස්පෝට් පෝලිම්. තරුණ ප්‍රජාව පෝලිමේ ඉන්නවා රට යන්න. උමගේ කෙලවරේ ආලෝකයක් බහුතරයකට පේන්න නැහැ. එක පැත්තකින් ආර්ථිකය හකුලවනවා. තවත් පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදය හකුලවනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රාජ්‍ය හිංසනය, රාජ්‍ය ත්‍රස්තවාදය, රාජ්‍ය මිලේච්ඡත්වය, රාජ්‍ය ප්‍රචණ්ඩත්වය මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා. අපි අද දවසේ හෙට දවසේ තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගත වී සිටින සිරිධම්ම ස්වාමීන් වහන්සේ, වසන්ත මුදලිගේ වැනි අය වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය හාකුලවන්නට අප ඉඩ තබන්නේ නැහැ.
දැන් අලුත්ම උප්පරවැට්ටිය තමයි අර හිටපු මැතිවරණ කොමිසමේ සභාපතිතුමත් අල්ලාගෙන, විශ්‍රාමික සභාපතිතුමා අල්ලාගෙන දැන් මොකද්ද කරලා තියෙන්නේ? සීමා නිර්ණය කමිටුවක් පත් කරලා එතුමා සභාපති කරලා. මොකටද? අට දාහ, හාරදාහක් කරන්නලු. අටදාහ ,,හාරදාහා කරන්න නෙමෙයි. ඡන්දය කල් දමන්න. මේ ආණ්ඩුවට ඡන්දයකට මුහුණ දෙන්න බැහැ. ඡන්දයක් එනවට කැමැති නැහැ. කනගාටුවට හේතුව දේශප්‍රිය මැතිතුමා වැනි ප්‍රබුද්ධ යැයි අපි සිතපු පුද්ගලයෙක් මේ මහා ප්‍රජාත්‍රන්තවාදය විනාශ කිරීමේ හැකිලීමේ කුමන්ත්‍රණයේ කොටස් කරුවෙක් බවට පත්වෙලා තිබෙනවා. සම නායකයෙක් බවට පත්වෙලා තියනවා. ඒක බොහොම කණගාටුවට කාරණාවක්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බදු පිට බදු ගහනවා. අපි පිළිගන්නවා රාජ්‍ය ආදායම වැඩි කරන්නට ඕනේ. හැබැයි මං අහන්න කැමතියි මේ රටට මේ වෙනස ඉෂ්ට කරපු ආර්ථික සාපරාධී ක්‍රියාව, ක්‍රියාත්මක කරපු අපරාධකරුවන් ඒ අයට මොනවත් වෙන්නෙ නැද්ද? ඒ අය හොරාකාපු මුදල් වලට මොකද වෙන්නේ? ඒ මුදල් ටික අපේ රටට ලබා ගන්න බැරිද? මෙච්චර ජාත්‍යන්තර සබඳතා තිබෙන වර්තමාන ජනාධිපතිවරයාට බැරිද stolen aseccs recovery එක un එකත් එක්ක , WV එකත් එක්ක කතා කරලා අපේ රටේ ක්‍රියාත්මක කරන්න. එකෙන් රටේ රාජ්‍ය ආදායම වැඩි කරගන්න බැරිද? බැරි හේතුවක් තියෙනවා. ඒකට හේතුව හොරු එක්ක ගිවිසුම් ගහලා නේ. හොරු සමඟ වාසය ද? ඒකද හේතුව? ඇයි අපිට මේ රටෙන් හොරාකාපු සල්ලි , අර පැන්ඩෝරා පත්‍ර කාඩ් වල තිබෙන ඒ දුසිම් ගණන්, කෝටි ගණන්, ඩොලර් ටික ඇයි අපිට ආපහු ලබාගෙන රටේ රාජ්‍ය ආදායම රටේ සංචිත බවට පත් කරගන්න බැරි? ඇයි එහෙම කරන්න බැරි? මොකක්ද බැරිකම? බැරිකම රාජපක්ෂ ලත් එක්ක තියෙන ගිවිසුමක් ද? මම බොහොම පැහැදිලිව මේ අවස්ථාවේ අහනවා. අපි අනිවාර්යෙන්ම හොරාකාපු මුදල් ටික අපේ රටට ලබාගන්නට සමගි ජන බලවේග රජයක් තුළ කටයුතු කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.
අපේ විසඳුම මොකක්ද? සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වෙළඳපොල ක්‍රමවේදය තුළ මානුෂීය ධනවාදය ක්‍රියාත්මක කිරීම තුළින් රටේ ප්‍රශ්න විසඳීම. ඒකයි අපේ මාවත. ඒකයි අපේ ගමන. ඒකයි අපේ චින්තනය. ඒක මැද මාවත. දත්ත සාක්ෂි කේන්ද්‍රීය ප්‍රතිපත්ති සම්පාදනය. Data evidence මත පදනම් වුණු ප්‍රතිපත්ති නිර්මාණය කිරීම.රාජ්‍ය ආදායම් ප්‍රවර්ධනය කරන්නට ඕන. ඒ වගේම රාජ්‍ය වියදම ඉලක්කගතව ක්‍රියාත්මක කරන්නට ඕනේ. export oriented growth අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයට අපි යොමු වෙනවා. විශේෂයෙන්ම ඍජු විදේශීය ආයෝජන අපේ රටට ගෙන්වීම සඳහා අපේ අපේ ශක්තිය ලබාදෙනවා. අපි උනන්දු කරවනවා. අපි උත්තේජක ලබා දෙනවා. ජාත්‍යන්තර නිදහස් වෙළඳ ගිවිසුම් වලට අපි එකඟ වෙනවා එක කොන්දේසියක් මත. ඒ කොන්දේසිය තමයි අපේ රටට සාපේක්ෂ වාසියක් ලැබෙන ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම්. අපි දූෂණය ,වංචාව ,හොරකම, මංකොල්ලකෑම් පිටුදකින නිරදේශපාලනීකරණය වූ පැහැදිලි ස්වාධීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා anti-corruption වැඩසටහනක් හැටියට. රටේ e- soft doing business එක අපි හොඳ මට්ටමකට ගෙන එනවා. දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ආර්ථිකයත් knowledge based economy එකක් දැනුම, තාක්ෂණය, උසස් නිපුණතාවයන්, කුසලතාවයන් වලින් හෙබි ඒ ප්‍රශස්ත කණ්ඩායමක් කේන්ද්‍ර කරගෙන අපි ආර්ථිකය වර්ධනය කරනවා. මේවා තමයි අපේ විසඳුම්. නමුත් කණගාටුවට කාරණාව ගරු නියෝජ්‍ය කතානායකතුමනි විසඳුම් විසඳුම් ගැන කතා කරන්නට පෙර ආණ්ඩුවට කොන්දක් නැහැ ,ආණ්ඩුවට පෞරුෂත්වයක් නැහැ, ආණ්ඩුවට කශේරුකාවක් නැහැ IMF staff level agreement එක එළිදක්වන්න. අපි පැහැදිලිවම කියන්න කැමතියි මේ ඔක්කොම අඳුරේ අතපත ගෑමක් පමණයි. මේ ස්ටාෆ් agreement එකේ තොරතුරු නොදැන කටයුතු කිරීම. අපි ප්‍රශංසා කරනවා වර්තමාන ජනාධිපති තුමාට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්නකොට බැසිල් රාජපක්ෂ එක්ක හැප්පුණා. IMF එකත් එක්ක තියෙන අවබෝධ තාවයන්, එකගතාවයන්, ගිවිසුම් සියල්ලක්ම එළිදක්වන්න කියලා එතුමා කිව්වා. දැන් කාලය එළඹිලා තිබෙන්නේ “ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට” ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. අනුන්ට බණ දේශනා කරන්නට පෙර තමන් සුදුසු ගුණයෙහි පිහිටා සිට කටයුතු කරන්න. එහෙනම් ජනාධිපතිතුමනි කරුණාකරලා මේ පාර්ලිමේන්තුවේ, මේ සභා ගර්භයේ අපේ මන්ත්‍රීවරු 225 දෙනාටත්, රටටත්, රටේ ලක්ෂ 220 ටත් මේ හංගගෙන ඉන්න IMF staff level agreement එක එළිදක්වන්න. එතකොට අපිට පුළුවන් අපිට පුළුවන් ඒවා ගැන හොයලා බලලා සත්‍ය අසත්‍ය අවබෝධ කරගෙන, අපේ වැඩපිළිවෙළත් රටට එළිදක්වන්න. ඒ නිසා මේ අවස්ථාවේ විශේෂයෙන්ම මෙය ආර්ථික මූල්‍ය කටයුතු පිළිබඳ සාකච්ඡාව පාර්ලිමේන්තු සභා සභාගර්භයේ යෙදුණු මොහොතක අද මම දුටුවා මෑත කාලයේ ප්‍රථම වතාවට පාසල් දූ දරුවන්ට මේ සභා ගර්භයේ මේ උඩ ඇවිල්ල මේක නරඹනවා. ඉතින් ඇත්තටම දූ දරුවන් දිහා බලනකොට බොහොම දුකයි. අද ඒ දූ දරුවන්ට දිවා ආහාරය නැහැ. අඩුම ගානේ මේ විවාදය අවසානය වෙනකොට මේ රජයට රටේ පාසල් දූ දරුවන් ලක්ෂ හතළිස් තුනකට, හාමතේ ඉන්න දූදරුවන්ට, කලන්තය දාලා වැටෙන දූදරුවන්ට, දුප්පත් පවුල්වල දූදරුවන්ට, ඒ අහිංසක දූ දරුවන්ට තමන්ගේ අධ්‍යාපනය කරගෙන යාම සඳහා අඩුම ගානේ පාසල් දරුවන්ට දිවා ආහාරය ලබා දෙන්නට වත්, ඒ සිතිවිල්ල පහළ වේවායි, ප්‍රඥාව පහළ වේවා. ඒ දූ දරුවන් පිළිබඳව කැක්කුමක් ඇති වීම ,අඩුම ගානේ ඒක නිර්මාණය වේවා කියයි ප්‍රාර්ථනා කරමින් මගේ අදහස ඉදිරිපත් කිරීම අවසන් කරනවා. ස්තුතියි.