Home Local News Room : ළමයින්ට පුදුම අපලයක්! සිසුවෙක් ප්ලාස්ටික් වතුර බෝතලයකින් ගහපු පාරට...

News Room : ළමයින්ට පුදුම අපලයක්! සිසුවෙක් ප්ලාස්ටික් වතුර බෝතලයකින් ගහපු පාරට අනෙක් සිසුවා මියයයි!

0
0

තිරුක්කෝවිල් තම්බිලුවිල් මහා විද්‍යාලයේ 08 වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු අතර  ඇතිවූ ගැටුමකින් එක් සිසුවකු ප්ලාස්ටික් වතුර බෝතලයකින් පහර දීම හේතුවෙන් අනෙක් සිසුවා මියගොස් ඇතැයි තිරුක්කෝවිල් පොලීසිය කියයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ශිවපාලන් ක්‍රිෂාන් නැමති 13 හැවිරිදි සිසුවෙකි. ඔහු ඒ.පී.සී. පාර තම්බිලු වේල් 1 කොටිඨාසයේ පදිංචි කරුවකු බව සඳහන් වේ.

මොවුන් දෙදෙනා අතර පන්තියේදී කිසියම් කරුණක් මත ගැටුමක් ඇතිවී එක් අයකු  අනෙකාට  පහරදී ඇති පහර කෑමට ලක්වූ සිසුවා  හිස් වතර බෝතලයකින් එල්ල කළ පහරකින් එම සිසුවා  සිහි සුන්වී ඇද වැටී ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි.

මේ සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවත් වීම සඳහා සිසුවාගේ සිරුර අම්පාර මහ රෝහලට රැගෙන යාමට පියවර ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙෙක් කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here