Home Local News Room : ධනුෂ්ක විතරක් නෙමෙයි අනෙක් අයත් ඔස්ට්‍රේලියාවෙදි පිස්සු නටලා! චාමික...

News Room : ධනුෂ්ක විතරක් නෙමෙයි අනෙක් අයත් ඔස්ට්‍රේලියාවෙදි පිස්සු නටලා! චාමික සිඩ්නි කැසිනෝ ශාලාවකදී ගුටි ගහගෙන! ‌බේරගෙන තියෙන්නේ දසුනුයි-භානුකයි! සමහරු කාමරවලට ඇවිත් තියෙන්නෙත් රෑ දෙගොඩ හරියේ!

0
0

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගි වීමට ඕස්ට්‍රේලියාවට ගොස් සිටි කාලයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සිඩ්නි නගරයේ කැසිනෝ ශාලාවක් තුළ ගැටුමක් ඇති කර ගත් බව හිරු රූපවාහිනිය වාර්තා කළේය.

එහි සිටි වෙනත් පුද්ගලයෙකුට චාමික කරුණාරත්න පහර දී ඇති බවත් එම ගැටුම සමථයකට පත් කර තිබුණේ කණ්ඩායමේ නායක දසුන් ශානක සහ භානුක රාජපක්ෂ බවත් වාර්තාවේ සදහන් විය.

ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට ඕස්ට්‍රේලියාවට ගිය කණ්ඩායමට ප්‍රිය සම්භාෂණ සඳහා ආරාධනා විස්සකට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබුනද ඉන් කළමනාකාරිත්වයේ අවසරය හිමිව තිබුණේ හයකට පමණක් වුවද නමුත් ඇතැම් ක්‍රීඩකයන් කළමනාකරු නොමඟ යවමින් සීමාව ඉක්මවා කටයුතු කර ඇති බවත් ඇතැමුන් ආපසු නවාතැන් ගෙන සිටි හෝටල් කාමරය වෙත පැමිණ ඇත්තේ නියම කළ කාලය ද ඉක්මවා ගොස් තවත් තව දුරටත් වාර්තා කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here