Home Local News Room : ධනුෂ්කගේ සිද්ධිය ගැන අහන්න දසුන් සහ සිල්වර්වුඩ් ත්‍රිපුද්ගල කමිටුව...

News Room : ධනුෂ්කගේ සිද්ධිය ගැන අහන්න දසුන් සහ සිල්වර්වුඩ් ත්‍රිපුද්ගල කමිටුව හමුවට කැඳවයි! මම කිසි දෙයක් දන්නේ නෑ- දසුන් කමිටුවට කියයි!

0
0

ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ වූ සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක දසුන් ශානක සහ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා අද පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කැදවා තිබේ.

මෙහිදී ඔස්ට්‍රේලියානු සංචාරය අතරතුරදී සිදුව ඇතැයි කියන ‌ක්‍රීඩකයන්ගේ නොමනා හැසිරීම් සම්බන්ධයෙන් දසුන් ශානකගෙන් දීර්ඝව ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ.

විශේෂයෙන්ම දසුන් ශානක, වනිදු හසරංග, භානුක රාජපක්ෂ සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් මෙහිදී ප්‍රශ්න කොට ඇති බව පැවසේ.

නිල නොවන ආරංචිමාර්ග සදහන් කරන්නේ මෙම ප්‍රශ්න කිරීම්වලදී දසුන් ශානක තමන් මේ කිසිවක් පිළිබද නොදන්නා බව ප්‍රකාශ කොට ඇති බවකි.

කෙසේවෙතත් ක්‍රීඩකයන්ගේ මෙම හැසිරීම් තරගවල ජය පරාජය කෙරෙහි බලපෑමක් නොවූ බව දසුන් ප්‍රකාශ කොට ඇති බවද එම නිල නොවන ආරංචිමාර්ග සදහන් කරයි.

නමුත් සිල්වර්වුඩ් මහතා කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් අනාවරණය වී නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here