Home Local News Room : ගිය හැම තරගාවලියකම ප්‍රශ්න! ඔස්ට්‍රේලියාවෙදිත් එහෙමයි! ක්‍රිකට් කළමනාකරු මහින්ද...

News Room : ගිය හැම තරගාවලියකම ප්‍රශ්න! ඔස්ට්‍රේලියාවෙදිත් එහෙමයි! ක්‍රිකට් කළමනාකරු මහින්ද හලංගොඩට එරෙහිව බරපතළ පැමිණිලි!

0
0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් කළමනාකාරවරයා වන මහින්ද හලංගොඩ මහතාට එරෙහිව මේ වනවිට ඔස්ට්‍රේලියානු සංචාරය මුල් කරගෙන බරපතළ පැමිණිලි රාශියක් ලැබී ඇති බව වාර්තා වේ.

තරගාවලිය අතරතුරදී හලංගොඩ මහතා ‌කණ්ඩායම සමග නොසිටි බවටත්, බොහෝ දුරට රාත්‍රී සාදයන්ට සහභාගී වෙමින් සිටිබවටත් එහිදී පැමිණිලි ඉදිරිපත් වී ඇත.

මීට අමතරව ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධයෙන් කිසිදු සොයාබැලීමක් ඒ මහතා විසින් සිදුනොකළ බවටත් චෝදනා ඉදිරිපත්ව ඇත.

මීට පෙර කළ සංචාරයන්හිදීද මෙවැනිම ආකාරයේ ප්‍රශ්න මතුවූ නමුත් එහිදී කළමනාකාරවරයා වශයෙන් හෙතෙම කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත් එම පැමිණිලවල සදහන්ව ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here