Home Local News Room : ගිය සතියේ අමෙරිකානු තානාපති කාර්යාල සේවිකාවකගේ පර්ස් එක උදුරගෙන...

News Room : ගිය සතියේ අමෙරිකානු තානාපති කාර්යාල සේවිකාවකගේ පර්ස් එක උදුරගෙන දිව්වා! ‌පෙරේදා තායිලන්ත තානාපතිතුමාගේ කොළඹ ගෙදරට හොරු පැනලා! මේ මොනවද වෙන්නේ? ලංකාව භයානක රටක් ලෙස හංවඩු ගැහෙයිද?

0
0

තායිලන්ත තානාපති පොජ් හැන්පෝල් මහතාගේ කොළඹ 7, මල් පාරේ පිහිටි නිල නිවසට සොරෙකු ඇතුල්වීම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙහිදී ලක්ෂ 3කට ආසන්න මුදල් හා බඩුභාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව වාර්තා වේ.

ඉරිදා අලුයම 2.00 ත් 7.00 ත් අතර කාලය තුළ මෙම මංකොල්ලය සිදුව ඇති අතර සොරකම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ද ලැබී තිබිණ.

සොරාගත් භාණ්ඩ සහ මුදල් අතර ජංගම දුරකථනයක්, සමරු තිළිණයක්, තායිලන්ත මුදල් සහ ශ්‍රී ලංකා රුපියල් ද තිබූ බව වාර්තා විය.

පොලිස් නිලධාරියෙකු නිවසින් පිටත සිටියදීත්, තවත් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු නිවස තුළ සිටියදීත් මෙම කොල්ලය සිදුව ඇති බව වාර්තා වේ.

පොලිසිය තවමත් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත.

මේ අතර ඉකුත් සතියේදී අමෙරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන සේවිකාවකගේ අත්බෑගය කොල්ලකා පලායාමටද පුද්ගලයකු කටයුතු කර තිබිණ.

නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බවක්ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here