Home Local News Room : කොමිසම අපිට බොරු කළා! උඳුවප් පෝය-නත්තල-දෙසැම්බර් 31 කළුවර කරන්න...

News Room : කොමිසම අපිට බොරු කළා! උඳුවප් පෝය-නත්තල-දෙසැම්බර් 31 කළුවර කරන්න රාමඤ්ඤ නිකාය යළි තීරණය කරයි!

1
0

විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවල විදුලි බිල අඩු නොකිරීමට විරෝධය පා උඳුවප් පෝය, නත්තල් ආගමික වතාවත් හා අලුත් අවුරුදු උදාව ද අඳුරේ සැමරීමට පියවර ගන්නා බව රාමඤ්ඤ නිකායේ සංඝ සභික ගලහා සිරි සාන්ත හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ එම විහාරස්ථානයේ ඊයේ (07 වැනිදා) පැවැති පෝදින ආගමික වතාවත්වලින් පසුව මාධ්‍ය අමතමිනි.

උන්වහන්සේ මෙසේද කීහ.

‘දැරීමට නොහැකි විදුලි බිලට විරෝධය පා වප් පොහොය අඳුරු පෝදින කිරීමට අපි මහා සංඝරත්නය වශයෙන් දිවයින පුරා සංවිධාන වී සිටි අවස්ථාවේ මහනුවරට පැමිණි මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ඇතුළු ත්‍රෛනිකායික මහ නාහිමිවරු මෙන්ම අන්‍යාගමික නායකයන්ද බැහැදැක බිල අඩු කරන බවට ලිඛිත පොරොන්දුවක් ලබා දුන්නා. ඊට අමතරව පිරිවෙන්වල ප්‍රධාන හිමිවරුන් බැහැ දැක පිරිවෙන් සඳහා මාස දෙකක් ඇතුළත සූර්ය බලශක්ති වැඩපිළිවෙළක් සකස් කරනවා කිව්වා. එහෙම පොරොන්දු වෙලා ගියා. නමුත් ඒ පොරොන්දුවට අනුව මේ දක්වාම කිසිදු විදුලි බිලක් අඩුවෙලා නෑ. ලබා දුන්න සූර්ය ශක්තියකුත් නැහැ. මේ සභාපතිවරයා හා ඇමැතිවරයා ඉතාමත් නිර්දය ආකාරයෙන් මහනාහිමිවරු මෙන්ම ආගමික නායකයන් බොරුවෙන් මුළා කරා. තවදුරටත් මේ මුළාව කරන්න අපි ඉඩ දෙන්නේ නෑ. ’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here