සිරගත කොට සිටින අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා දඹානේ ජීවත් වන වසන්ත මුදලිගේගේ තවත් සහෝදරයෙක් ඊයේ උද්ඝෝෂණවලට එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය.
වසන්ත මුදලිගේ යනු දඹානේ ආදිවාසී පරපුරෙන් පැවත එන්නෙකි.
එමෙන්ම වසන්තගේ අනෙක් සහෝදරයා වන අනුර මුදලිගේද මේ වනවිට වසන්තව නිදහස් කර ගැනීමේ සටනට එක්ව සිටී.






