පසුගිය කාලසීමාව තුළ ශ්‍රී ලංකා ණය හිමියන් සමග පැවැත්වූ සාකච්ජා සාර්ථක කරගැනීමට නොහැකි වී ඇති බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දීමට නියමිත ණය ආධාරය ලබන වසරේ මාර්තු මාසය දක්වා ඇදී යනු ඇති බව වාර්තා වේ.
මීට හේතු වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ මීළඟ රැස්වීම 2023 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව ඇති බැවිනි.
ඒ වනවිට ශ්‍රී ලංකා ණය හිමියන් සමග පවත්වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ජාවන් සාර්ථක කරගෙන තිබිය යුතු අතර එහි ප්‍රගතිය ඊට දැනුම් දී එහි අනුමැතිය ලබා ගත යුතුය.
එසේ නොවුණහොත් තවදුරටත් මෙම සාකච්ජා කල් ඇදෙනු ඇති බව වාර්තා වේ.