Home Local News Room : මතකද චීන ‘යුවාන් වැන්ග් 5’ නැව ගිය පාර ලංකාවට...

News Room : මතකද චීන ‘යුවාන් වැන්ග් 5’ නැව ගිය පාර ලංකාවට ඇවිත් ජංජාලයක් වුණා! ඉන්දියාවත් අපිත් එක්ක තරහ වුණා! ඔන්න දැන් ‘යුවාන් වැන්ග් 6’ නැව ඉන්දීය සාගරයට ඇවිත්! මේ පාරත් එන්නේ ලංකාවටද?

5
0

පසුගිය අගෝස්තු මාසයේදී හම්බන්තොට වරායේ නැංගුරම් ලා තිබූ ආන්දෝලනාත්මක චීන චන්ද්‍රිකා නිරීක්ෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 (YW5) නෞකාවේ සහෝදර යාත්‍රාව වන යුවාන් වැන්ග් 6 (YW6) නෞකාව ඉන්දුනීසියාවේ ලොම්බොක් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දීය සාගර කලාපයට ඇතුළු වී ඇති බව වාර්තා වේ.

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) චීන රජය සතු නෞකාව නවතා තැබීමට ඉඩදීම සම්බන්ධයෙන් කලාපීය දැවැන්තයා ඉන්දියාව ඒ දිනවල සිය දැඩි කනස්සල්ල පළ පළ කළ අතර ඒ හේතුවෙන් රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක්ද නිර්මාණය විය.

විවෘත බුද්ධි විශ්ලේෂකයින් සහ MarineTraffic සිතියම්වලට අනුව, යුවාන් වැන්ග් 6 නෞකාව ඊයේ (5) සවස් වන විට ගමනාන්ත වරායක් ලැයිස්තුගත කර නොමැති ඉන්දියානු සාගරයට ඇතුළු වී ඇත.

යුවාන් වැන්ග් 6 ඉන්දියන් සාගරයට යාත්‍රා කළ පළමු අවස්ථාව මෙය නොවේ. 2020 මුල් භාගයේදී මාස තුනකට ආසන්න කාලයක් මෙම නෞකාව ඉන්දීය සාගරයේ නැංගුරම් ලා තිබූ බව වාර්තා විය.

ඉන්දීය රජය මෙම යාත්‍රාව පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව ඉන්දියාවෙන් ලැබෙන පුවත් වාර්තා පෙන්වා දෙයි.

යුවාන් වැන්ග් 6 නෞකාව ඉන්දීය සාගරයට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව හෝ ශ්‍රී ලංකාව නිල වශයෙන් මෙතෙක් ප්‍රකාශ කර නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here