Home Local News Room : තවත් පෙරළියක්! නෙදර්ලන්තය දකුණු අප්‍රිකාවත් ගෙදරම යවයි! පාකිස්තානයට ස්වීප්...

News Room : තවත් පෙරළියක්! නෙදර්ලන්තය දකුණු අප්‍රිකාවත් ගෙදරම යවයි! පාකිස්තානයට ස්වීප් එකක් ඇදෙයි!

3
0

20/20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරගයකින් දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කිරීමට නෙදර්ලන්තය සමත් විය.

ඒ අනුව අද (06) ඇඩිලේඩ් ක්‍රීඩාංගනයේ පැවති තරඟය ලකුණු 13කින් ජය ගැනීමට නෙදර්ලන්තය සමත්විය.

ඒ සමගම ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව දකුණු අප්‍රිකාව ට අහිමිවෙයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 158ක් ලබා ගත්තේය.

නමුත් දකුණු අප්‍රිකානු කණ්ඩායම ට රැස් කළේ කඩුලු 8ක් දැවී ලකුණු 145ක් පමණි.

ඒ අනුව පාකිස්තානයට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා අවස්ථාව හිමිව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here