Home Local News Room : ජනාධිපතිට තවත් අමාත්‍යංශ 4ක් තියාගන්න අගමැති දිනේෂුත් උපදෙස් දීලා!

News Room : ජනාධිපතිට තවත් අමාත්‍යංශ 4ක් තියාගන්න අගමැති දිනේෂුත් උපදෙස් දීලා!

2
0

අමාත්‍ය ධුර 04ක් සිය භාරයේ තබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44/3 ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වෙයි.

ඊට අදාළ ගැසට් නිවේදනය ද ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත්කර ඇත.

ඒ අනුව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය, තාක්ෂණ අමාත්‍යංශය, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය මෙන්ම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය ජනාධිපතිවරයා භාරයේ තබාගැනීමට නියමිතය.

මෙම අමාත්‍යංශ 04ට අමතරව ආරක්ෂක අමාත්‍යාංශය ද පවතින්නේ ජනාධිපතිවරයා යටතේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here