Home Local News Room : ජනාධිපතිට අමාත්‍යංශ 4ක් පවරගන්න පුලුවන්ද? විපක්ෂය අර්ථ නිරූපණයක් ඉල්ලා...

News Room : ජනාධිපතිට අමාත්‍යංශ 4ක් පවරගන්න පුලුවන්ද? විපක්ෂය අර්ථ නිරූපණයක් ඉල්ලා අධිකරණයට යන්න තීන්දු කරයි!

1
0

අමාත්‍ය ධුර 04ක් සිය භාරයේ තබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ඉල්ලා සිටීමට විපක්ෂය තීන්දු කර ඇති බව වාර්තා වේ.

22 වන ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යංශය දැරීමේ හැකියාවක් තිබුණද වෙනත් අමාත්‍යංශ පවරා ගත හැත්කේ දින 14කට පමණි.

ඉන් අනතුරුව එම අමාත්‍යංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට පැවරිය යුතුය.

ඒ අනුව ජනාධිපතිවරයා මෙම අමාත්‍යංශ 4 බවරා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයෙන් අර්ථ නිරූපණයක් ඉල්ලා සිටීමට විපක්ෂය තීරණය කොට තිබේ.

නිකුත් කොට ඇති ගැසට් නිවේදනයට අනුව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය, තාක්ෂණ අමාත්‍යංශය, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය මෙන්ම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය ජනාධිපතිවරයා භාරයේ තබාගැනීමට නියමිතය.

මෙම අමාත්‍යංශ 04ට අමතරව ආරක්ෂක අමාත්‍යාංශය ද පවතින්නේ ජනාධිපතිවරයා යටතේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here