Home Local News Room : කොළඹට කිරි ගමට කැකිරි සංකල්පය වෙනස් කරන්න ඕන! 40...

News Room : කොළඹට කිරි ගමට කැකිරි සංකල්පය වෙනස් කරන්න ඕන! 40 වැනි බස් එක අරන් සජිත් අනුරාධපුරේ පාසලකට යයි! (VIDEO & PHOTOS)

7
0

අධ්‍යාපනය ගොඩනැගීමට නම් රට පුරා පාසල් පද්ධතිය දියුණු කළ යුතු බවත්,නව තාක්ෂණය සමඟ ගැළපෙන සම්පත් වලින් එම පාසල් අංග සම්පූර්ණ කළයුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කොළඹට කිරි ගමට කැකිරි යනුවෙන් මතයක් ඇතත් එය සම්පූර්ණයෙන් වෙනස් කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා නව අධ්‍යාපන විප්ලවයක් ඇති කළ යුතු බවද පැවසීය.

රටක ජීවනාලියවන් දරු පරපුර  දැනුම, කුසලතාවය මෙන්ම පහසුකම් වලින්ද පරිපූර්ණ කිරීම වගකීමක් බව විශ්වාස කරමින් ඒ උදෙසා වූ තිරසර අරමුණ පෙරදැරිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහනට සමගාමීව 40 වන බස්රථය අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයට පරිත්‍යාග කරනු ලැබූ අතර, එම අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක තුමා මේ බව පැවසීය.

පාසල් එන දරුවන් ක්ලාන්තය හැදී වැටෙන තත්ත්වයට පත්ව ඇති තත්ත්වයක් තුළ අනාගත පරපුර ශක්තිමත් වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකතුමා,අනාගත රජයක් තුළ ඒකාන්ත වශයෙන්ම වශයෙන්ම සියලු පාසල් දුවා දරුවන්ට දිවා ආහාරය නොමිලේ ලබාදෙන බවද පැවසීය.

ආණ්ඩු බලයක් නොමැති වුවත් වැඩ කරන හැටි සමගි ජන බලවේගය මේ කෙටි කාලය තුළ පෙන්වා ඇතිබව පැවසූ විපක්ෂ නායකතුමා හුස්ම හා සක්වල හරහා අති විශාල වැඩ කොටසක් කිරීමට හැකියාව ලැබුණු බව ද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here