කඩදාසි මිල සහ මුද්‍රණ කර්මාන්තය සඳහා භාවිත කරන අනෙකුත් ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් තිබෙනවා.
එම නිසා අභ්‍යාස පොත්, පාසල් උපකරණ ඇතුළු සියලු ලිපිද්‍රව්‍ය මිල තුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයි ප්‍රධාන පෙළේ ලිපිද්‍රව්‍ය අලෙවිකරුවෝ කියා සිටිනවා.
පසුගිය කාලයේදී ලිපිද්‍රව්‍ය අලෙවියේ 50%ක පමණ පහත වැටීමක් සිදු වුණා. මේ වනවිට එය 20% ක් පමණ වන බවයි ලිපිද්‍රව්‍ය අලෙවිකරුවන් පවසන්නේ.