Home Local සාගලගේ මැදිහත්වීම සාර්ථකයි : ඉන්දු චීන සාකච්ඡා සඳහා විශේෂ කමිටුවක් !

සාගලගේ මැදිහත්වීම සාර්ථකයි : ඉන්දු චීන සාකච්ඡා සඳහා විශේෂ කමිටුවක් !

4
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකු නියෝජිතයන් කර ඇති දැනුම්දීමට අනුව මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී චීනය සහ ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීමට අට පුද්ගල කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කර ගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ නියෝජිතයන් ඉකුත් සතියේදි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සමඟ පැවැති සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති සමඟ සාකච්ඡා කොට කඩිනමින් පියවරක් ගන්නා ලෙස අයි.එම්.එෆ් හා ලෝක බැංකු නියෝජිතයන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හමුවේ කළ දැනුම්දීමට අනුව මෙම කමිටුව පත් කර ඇත.

අදාළ කමිටුව විදේශ අමාත්‍ය අලි සබ්‍රී, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක , ජනාධිපති උපදේශක ආචාර්ය ආර් .එච්.එස් සමරතුංග, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, හිටපු මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ගෙන් සමන්විත වේ.

මෙම කමිටුව මැදිහත්වී ඉන්දියාව හා චීනය සාකච්ඡාවන්ට යොමු කර ගනිමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව යම් සාධනීය තැනකට කැදවා ගැනීමට අදාළව සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here