රුවන්වැල්ල පොලිස් වසමේ මැදගොඩ ප්‍රදේශයේ කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු නිවසක් තුළ වැටී මිය ගොස් සිටියදී හමු වී තිබේ.
මරණකරු වයස අවුරුදු 33ක් වූ මැදගොඩ අමිතිරිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිසිය සඳහන් කළේ, මරණකරු ඔහුගේ වැඩිමහල් සහෝදරයා සහ තව ත් පුද්ගලයෙකු සමග නිවසේදී මත්පැන් පානය කර ඇති බව ය.
එම අවස්ථාවේ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් ඔහු ඝාතනය කරන්නට ඇති බව ට දැනට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලිසිය පැවසීය.
ඊයේ (නොවැ. 1) සවස් කාලයේ මැදගොඩ ප්‍රදේශයේ නිවසක ආරවුලක් ඇති වූ බවට 118 පොලිස් හදිසි ඇමතුම් ඒකකය මගින් රුවන්වැල්ල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ අනුව, ගෙළ ප්‍රදේශයේ කැපුම් තුවාල සහිතව මිය ගොස් සිටි අදාළ පුද්ගලයා හමු වී තිබේ.
මෘත දේහය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර අද (නොවැ. 2) දින මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිත ය.
සිද්ධියට සම්බන්ධ බවට සැක කරන මරණකරුගේ වැඩිමහල් සහෝදරයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා රුවන්වැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
The post රුවන්වැල්ලේ මනුෂ්‍ය ඝාතනයක් appeared first on මව්බිම.