Home Local News Room : ‘මර්දනයට එරෙහිව නැගී සිටිමු’ ඒකාබද්ධ විරෝධය අද

News Room : ‘මර්දනයට එරෙහිව නැගී සිටිමු’ ඒකාබද්ධ විරෝධය අද

3
0

වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධව සංවිධානය කරන රජයට එරෙහි විරෝධතා රැලියක් හා පා ගමනක් අද (නොවැ. 2) කොළඹදී පැවැත්වේ.

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින් හෙට සවස 3.00ට මෙම විරෝධතා පා ගමන ආරම්භ වන අතර එය අවසානයේ රැලියක් පැවැත්වීමට නියමිත ය.

‘මර්දනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගී සිටිමු, අයිතීන් වෙනුවෙන් සටන් වදිමු’ මැයෙන් සංවිධානය කර ඇති මෙම විරෝධතාවට තරුණ නීතිඥයන්ගේ සංගමය, ලංකා ගුරු සංගමය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා ටෙලිකොම් සේවක සංගමය, කම්කරු එක්සත් සම්මේලනය ඇතුළු වෘත්තීය සමිති හා බහුජන සංවිධාන රැසක් සහය පළ කරන බව එහි සංවිධායකයෝ පවසති.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, නිදහස ජාතික සභාව හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ රැසක් ම මෙම විරෝධයට සහභාගි වන නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඊට සම්බන්ධ වන්නේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here