Home Local News Room : ප්‍රියමාලිගේ පලහිලව්වකට බොරැල්ලේ සුදු සාදු අත්අඩංගුවට

News Room : ප්‍රියමාලිගේ පලහිලව්වකට බොරැල්ලේ සුදු සාදු අත්අඩංගුවට

2
0

මහ පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සඳහා දිවයිනේ ප්‍රසිද්ධ හිමිනමක් වන බොරැල්ල සිරිසුමන ස්වාමීන් වහන්සේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (1දා) අත්අඩංගුවට ගනු ලැබිණි. ඒ සැකකාර හිමි නවාතැන් ගෙන සිටින කඩවත ප්‍රදේශයේ විහාරස්ථානයකදී බව රහස් පොලිස් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

සැකකාර හිමිනම රහස් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ තිළිණි ප්‍රියමාලිට මුදල් වංචා කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කියයි.

තිළිණි ප්‍රියමාලි විසින් රුපියල් ලක්‍ෂ 430ක් වංචාකාරී ලෙස ලබාගත් බව කියන කෝටිපති මුස්ලිම් ව්‍යාපාරිකයකු ඇගෙන් සිය මුදල් නැවත ඉල්ලීමේදී ඇය ඔහු රැගෙන මෙම ස්වාමීන්වහන්සේගේ විහාරස්ථානයට ගොස් ඇතැයි කියති.

එහිදී තිළිණි සහ සැකකාර හිමිනම එම ව්‍යාපාරිකයාටද විහාරයේ රත්තරන් කුට්ටි ඇති බව කියමින් එම රත්තරන් විකුණා මුදල් දෙන බව පවසා ඇතැයිද වාර්තා වේ. සැකකාර හිමිනම අද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර මුදල් වංචාව සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි සහ ඇගේ පෙම්වතා බව කියන ඉසුරු ධම්මික බණ්ඩාර යන අයද අද (2දා) මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කීර්ති මෙන්ඩිස්

පෙර ලිපියSLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය ඉන්දීය IIT විශ්වවිද්‍යාලය සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමකට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here