ලබන වසරේදී 10 ශ්‍රේණියට කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) විෂය ඉගැන්වීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, කොළඹ පැවති පෝෂණ අවශ්‍යතා සහිත පාසල් සඳහා දිවා ආහාරය සකසා ගැනීමට අවශ්‍ය ඉවුම් පිහුම් කට්ටල ලබාදීමේ උත්සවයකට එක්වෙමිනි.
සියලු ම ගුරුවරුන් තාක්ෂණය සඳහා පුහුණු කළ යුතුව ඇති බව ත් පාසලෙන් ආරම්භ වී විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළු සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය ම පරිවර්තනයකට ලක් කළ යුතු බව ත් සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.
එමෙන් ම, වර්තමාන විවිධ සමාජ ක්‍රියාකාරකම් හේතුවෙන් අර්ධ නාගරික හා නාගරික ප්‍රදේශවල දරුවන් ඇතුළු තරුණ කොටස් ආරක්ෂා කර ගැනීමේ අභියෝගයකට ද මුහුණ දී සිටින බව අමාත්‍යවරයා පෙවන්වා දුන්නේ ය.
ඒ අනුව, නුසුදුසු ආහාර, විවිධ භාවිත හා සිරිත් විරිත් පාසල් තුළට පැමිණීම වළක්වා ගැනීම සඳහා කොළඹ පාසල් 144 ම ගුරුවරුන්ගේ සහභාගිත්වයෙන් වැඩමුළුවක් ආරම්භ කළ බව පැවසූ අමාත්‍යවරයා එම ගුරුවරුන් උපදේශනය සඳහා යොදවා ගන්නා බව ත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින පුහුණු උපදේශකවරුන්ගේ සහය ද මේ සඳහා ලබා ගන්නා බව ත් වැඩිදුරට ත් පැවසීය.