Home Local News Room : ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

News Room : ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

3
0

ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කළ යුතු ක්‍රමවේදය පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමේ කාර්යභාරය මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ ස්ථාපනය කර ඇති රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

විනිවිදභාවයෙන් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මගින් තෝරාගනු ලබන අයෝජකයන්ට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් සහ ආයතනයේ කළමනාකරණය භාර දීම මගින් ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම සහ එහි පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම යෝග්‍ය බව හඳුනා ගෙන ඇත.

ඒ අනුව, වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව ‍සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

පෙර ලිපියජොන්ස්ටන්ට එරෙහි නඩු ගැන අල්ලස් කොමිසමට නියෝගයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here