Home Local News Room : රෝහල් සේවකයා හා සේවිකාව අධි සාන්ද්‍ර විෂ දියරයකින් ගහගෙන

News Room : රෝහල් සේවකයා හා සේවිකාව අධි සාන්ද්‍ර විෂ දියරයකින් ගහගෙන

3
0

මධ්‍යම පළාත් සභාව මගින් පාලනය වන යටිනුවර කොටලිගොඩ ග්‍රාමීය රෝහලේ රෝහල් උපස්ථායක සේවකයෙකු හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවිකාවක අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් එල්ල කළ අධි සාන්ද්‍ර විෂබීජ නාශක දියර ප්‍රහාරයකින් දෙදෙනා ම බරපතළ තුවාල ලැබ පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල් කොරිඩෝවේදී ඊයේ (ඔක්. 31) දහවල් 11.45ට පමණ මෙම දෙදෙනා අතර බහින්බස් වීම හටගෙන තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව ඇත.

රෝහල් උපස්ථායක සේවකයා 54 වන වියේ පසුවන බවත් කනිෂ්ඨ සේවිකාව 48 වන වියේ පසුවන බවත් සිදුවීම පිළිබඳ පරීක්ෂණ පවත්වන පොත්තපිටිය පොලිසිය පවසයි.

රෝහල් බිම හා වැසිකිළි පිරිසුදු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබාදෙන විෂබීජ නාශක ද්‍රාවණයක් මෙම ප්‍රහාරයට යොදා ගෙන තිබේ. දෙදෙනා විසින් දෙදෙනාට ප්‍රහාරය එල්ල කර ගනු ලැබ ඇති බව හෙළි වී ඇතත් සිද්ධිය ඇසින් දුටුවෙකු නොමැති නිසා දෙදෙනාගේ ප්‍රකාශ පදනම් කර ගනිමින් පරීක්ෂණ සිදුකළ යුතුව තිබෙන බව පොලිසිය පවසයි.

අධි සාන්ද්‍රණ විෂබීජ නාශක දියර තැවරීම නිසා දෙදෙනාගේ ම ශරීරයේ සම 75%ක පමණ ප්‍රමාණයක් පිළිස්සී තිබෙන බව වෛද්‍යවරු පවසති.

බරපතළ පිලිස්සුම් තුවාල ලත් සේවකයන් දෙදෙනා කොටලිගොඩ ග්‍රාමීය රෝහලට ඇතුළත් කර මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බව මේ සම්බන්ධව කළ විමසීමකදී කොටලිගොඩ රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය නාලිනි හේරත් මහත්මිය සඳහන් කළා ය.

පෙර ලිපියතාත්තාගෙන් පුතාට ඇසිඩ් ප්‍රහාරයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here