Home Local News Room : කැලණිය සරසවියේ ‘නවක වධ’ සිදු වීමක් ගැන පොලිසියට පැමිණිල්ලක්

News Room : කැලණිය සරසවියේ ‘නවක වධ’ සිදු වීමක් ගැන පොලිසියට පැමිණිල්ලක්

3
0

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් නවක වධය ලබා දීම පිළිබඳව එම විශ්වවිද්‍යාලයේ ම දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ඊයේ (ඔක්.31) දින කිරිබත්ගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පොලිසිය සඳහන් කළේ, පැමිණිලිකරු රාගම රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති බව ය.

නවක වධයට මුහුණ දුන් ශිෂ්‍යයා ඊයේ සවස 3.00ට පමණ දේශන අවසන් වීමෙන් පසු ක්‍රීඩා පුහුණුව සඳහා විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාගාරය වෙත යමින් සිටියදී ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් ඔහුගේ බාහිර පෙනුම සම්බන්ධයෙන් දෝෂාරෝපණය කර ඔහුට කොණ්ඩය සහ රැවුල බූගා දමන ලෙස ත් සපත්තු නොදා සෙරෙප්පු දමන ලෙසට ත්, අත්ඔරලෝසු නොපළඳින ලෙසට ත් පවසා තිබේ.

එම සිසුවා එයට විරුද්ධ වීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිස පැමිණිලිකාර ශිෂ්‍යා ආපන ශාලාවක් වෙත රැගෙන ගොස් ඉන් ජ්‍යෙෂ්ඨ සිසුන් තිදෙනෙකු ඔහුගේ මුහුණට හා ඇඟට පහර දී ඇත.

පහර දීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිසුන් 7 දෙනෙකු පමණ සිටි බව ත් ඔවුන් නම් වශයෙන් නෙදන්නා බව ත් නැවත දුටුවහොත් හඳුනාගත හැකි බව ත් පැමිණිල්ලේ වැඩිදුරට ත් සඳහන් කර ඇති බව පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් හා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here