Home Politics News Room : ආපස්සට බලපාන දූෂණ නීති ගෙන ආ යුතුයි -විපක්ෂයේ ප්‍රධාන...

News Room : ආපස්සට බලපාන දූෂණ නීති ගෙන ආ යුතුයි -විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

2
0

දූෂණ විරෝධී පනත ආපස්සට බලපාන නීතියක් ලෙස සකස් කළ යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවැසීය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

මේ වන විට සකස් කර ඇති දූෂණ විරෝධී පනත ගැන නීතිඥයන් කීපදෙනෙක් සමඟ අප අධ්‍යයනය කළා. මේ පනත ආපස්සට බලපාන්නේ නැතැයි යන මතයක් මෙහි ඇති කර තිබෙනවා.

ආපස්සට බලපාන දූෂණ නීති ගෙන ආ යුතුයි. මේ සඳහා වෙනම වගන්තියක් තිබිය යුතුයි. ඒ මහතා ඊට ඇතුළත් කර තිබෙන අන්තර්කාලීන වගන්තිය ප්‍රමාණවත් නැහැ.

දූෂණ විරෝධී පනතේ තිබෙන වගන්ති අනුව මේ පනත බලපාන්නේ ඉදිරියට කියලා ආපස්සට බලපාන්නේ නැහැ කියන මතයක් මේ පනතෙන් ඇති කරලා තිබෙනවා. ඇමැතිවරයා කියන්න පුළුවන් අන්තර් කාලීන වගන්තියක් දාල තිබෙනවා කියලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here