Home Politics News Room : මාධ්‍ය මර්දනයට ආණ්ඩුව සූදානම් නෑ -රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර

News Room : මාධ්‍ය මර්දනයට ආණ්ඩුව සූදානම් නෑ -රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර

2
0

රට තුළ පැහැදිලි මාධ්‍ය නියාමනයක් ඇති කිරීම මිස, මාධ්‍ය මර්දනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් වත්මන් ආණ්ඩුවට නොමැති බව ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවැසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේය.

රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය. ජනමාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට ආණ්ඩුව ප්‍රමුඛව කටයුතු කරනවා.

මාධ්‍ය ශක්තිමත් කිරීමට, නිවැරදි තොරතුරු ජනතාවට ලබා දීමේ අයිතිය තහවුරු කිරීමට, විකාශන අධිකාරී පනත ගෙනෙනවා. සියලු දෙනාගේම අදහස් ගෙන එම පනත කෙටුම්පත් කරන්න.

මාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් කිසිදු මර්දනයක් කිරීමේ අවශ්‍යතාවයක් ආණ්ඩුවට නැහැ. අපේ රටේ සිව්වන කුලුන ජනමාධ්‍ය. දැන් තිබෙන නීතියට අනුව ඕනෑම මාධ්‍ය ආයතනයක විකාශන අධිකාරී බලපත්‍රය විෂය භාර ඇමැතිවරයාට අවලංගු කළ හැකියි. එහෙත් මේ පනත සම්මත වීමෙන් එම නීති වෙනස් වෙනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here