ජාජබ නායක අනුර කුමාර දිසානායක
සමඟි ජන බලවේගය මේ රට ගොඩනැඟිය හැකි ව්‍යාපාරයක් නොවන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ තංගල්ල ප්‍රදේශයේදී සිය පාක්ෂිකයන් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“මේ රට ගොඩනැඟිය හැක්කේ ජාතික ජන බලවේගයට බව ජනතාව මේ වන විට තේරුම් ගෙන තිබෙනවා.
පළාත් පාලන මැතිවරණය පැවැත්වූවා නම් බලය පොදු ජනතාව අතට මාරුවීමට ඉඩ තිබුණා. මේ වන විට රට අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය නිවැරැදි නෑ. කඩේ බිස්නස් අඩුවී තිබෙන සහ බෙහෙත් නොමැති පසුබිමක ආර්ථිකය වර්ධනය වී ඇති බවට ඇතැමුන් ප්‍රකාශ කරනවා.”
උපාලි කරුණාරත්න





